අරගලය අවසන් නෑ – දිනන තුරු ආපහු හැරෙන්නේ නෑ – ගාලුමුවදොර අරගලකරුවෝ නුගේගොඩ රැලියේදී කියති

162

අරගලය තවමත් අවසන් නැති බවත්, අරගලය දිනන තුරු ආපසු නොහැරෙන බවත් පෙරේදා (06 දා) පස්වරුවේ නුගේගොඩ පැවැති මහජන රැලියේදී අරගලකරුවෝ සහ සිවිල් හා වෘත්තිය සංවිධාන රැසක් ප්‍රකාශ කර සිටියහ.

අරගලය අවසන් නෑ - දිනන තුරු ආපහු හැරෙන්නේ නෑ - ගාලුමුවදොර අරගලකරුවෝ නුගේගොඩ රැලියේදී කියති

හදිසි නීතිය වහා හකුලා ගනිව්, මර්දනය නවතනු, පැහැරගත් අරගලකරුවන් වහා නිදහස් කරනු, රාජ්‍ය ත්‍රස්ත අණපනත් වහා අකුලා ගනුද මැයෙන් කොටුව ගාලුමුවදොර අරගලකරුවන් විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.

අරගලය අවසන් නෑ - දිනන තුරු ආපහු හැරෙන්නේ නෑ - ගාලුමුවදොර අරගලකරුවෝ නුගේගොඩ රැලියේදී කියති

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැති මෙම මහජන රැලිය සඳහා ගාලුමුවදොර අරගලකරුවෝ සහ වෘත්තීය සමිති, දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන එක්ව සිටියහ.

අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මහජන රැලිය සංවිධානය කර තිබිණි.

අරගලය අවසන් නෑ - දිනන තුරු ආපහු හැරෙන්නේ නෑ - ගාලුමුවදොර අරගලකරුවෝ නුගේගොඩ රැලියේදී කියති

මෙම මහජන රැලිය ආරම්භවීමට පෙර ස්ථාන තුනකින් ආරම්භ වූ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණි. එක් විරෝධතා පා ගමනක් දෙල්කඳ මංසන්ධියෙන්ද, තවත් පාගමනක් කිරුළපනින්ද, අනෙක් විරෝධතා පාගමන කොහුවල මංසන්ධියෙන්ද ආරම්භ විය. තුන් දිසාවෙන් පැමිණි විරෝධතා පාගමන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණියහ.

ව්‍යවස්ථාදායකයට සහ විධායකයට එරෙහිව දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී පැවැසීය.

හෙතෙම එහිදී මෙසේද කියා සිටියේය.

ව්‍යවස්ථානුකූල මර්දනයට දෙන්න ඕන ව්‍යවස්ථානුකූල උත්තරයක්. එහෙනම් ජනාධිපතියි අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවයි. මේ දෙකේ තමයි ඒ ගොල්ලන්ගේ බලය තියෙන්නේ. එහෙනම් දේශපාලනික වශයෙන් ප්‍රහාරය කොතනටද ඕනේ.

මහජන ප්‍රහාරය අවශ්‍ය වෙන්නේ ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවටයි. දේශපාලනික වශයෙන් ඒතැන් දෙකට ගහන්නේ නැතුව වෙන කොහෙටවත් ගහලා වැඩක් නැහැ.

ගාලුමුවදොර අරගලකරුවකු වන රණිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’ මෙසේ කීය.

මේ වෙනකොට අපේ රටේ අරගලකාරී ක්‍රියාකාරීන්ගේ පාස්පෝට් අත්හිටුවලා. විදෙස් ගමන් තහනම් කරලා. අපි මේ රටින් යන්නේ නෑ. මේක අපේ රට. අපි මැරෙන්නෙත් මේ රටේ. මේ රටේ ක්‍රම වෙනසක් කරනකම් දේශපාලනය දූෂිත දේශපාලකයන් සහ දේශපාලනය අතුගාලා දානකම් අපි මේ රටින් යන්නේ නැහැ.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය – අපි අරගල කරන්න පාරට බැස්සේ මේ හොර මැර තක්කඩි ක්‍රමය වෙනස් කරන්නයි. මේ අරගලයට පින්සිද්ධ වෙන්න රනිල් වික්‍රමසිංහ අගමැති වුණා. ඒක මේ රටේ මහජනතාවගේ මතය නොවෙයි. අපි අරගල කරන්නේ රටේ ජනතාවට සැනසීම ලැබෙනකම් විතරයි. කවුරු වුණත් කමක් නැහැ. ඔය පුටුවල ඉඳගන්න අය මිනිසුන්ට සැනසීම දීලා පෙන්වන්න.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා

“අරගලය ඉවර නැහැ. අරගලය දිනන තුරු අපි ආපහු හැරෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එයාගේ මාමා වරද්දා ගත්ත තැන්වලින්ම මේ වෙලාවේ වරද්දා ගනිමින් ඉන්නවා. ඔයා මාමටත් වඩා ගොඩක් වරද්දා ගන්නවා. ඔයා හැප්පෙන්නේ එදා පරම්පරාවට වඩා ගොඩක් වෙනස් පරම්පරාවක් එක්ක.

හදිසි නීතිය, ත්‍රස්ත නීතිය ගෙනල්ලා මර්දනය කරන්න, මිනී මරන්න ක්‍රියා කරපු ඔයාටත් වඩා දක්‍ෂ අයට යන එනමං නැති වුණා.

ජනාධිපති කියන්නේ ජනතාවගේ ප්‍රධානියාට. එයාව පත්කරන්න ඕනේ ජනතාව. අපි දන්නේ නැහැ ඔයා පොහොට්ටුවේ අධිපතිද, රූකඩේද කියලා. නමුත් රනිල් ජනතාවගේ අධිපති නොවේ.

ඔයාගේ පොදු සමාව අපිට විහිළුවක්. වෙන කාටත් වඩා ඔයා අරගලයට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. මොකද ඔයාට දවසකට දෙකකට හරි ඔය පුටුවේ ඉඳගන්න චාන්ස් එකක් ලැබුණේ මේ අරගලය නිසයි.

ජනාධිපති මන්දිරයට ඇතුළු වෙච්ච එක වැරදි නම් ඔයා ජනාධිපති වෙච්ච එක හරි වෙන්නේ කොහොමද?

මේ වෙනකන් අරගලයේ අපේක්‍ෂාවන් කිසිවකට සාධාරණය ඉටුවෙලා නැහැ. රටේ මිනිස්සු ඉල්ලන සමාජ පරිවර්තනය මොකක්ද කියලා අඩුම තරමින් තේරුම් ගන්න පුළුවන් කියලාවත් පේන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment