අරගලය කරන තැන තීරණය කරන්නේ අපි – රනිල් යනතුරු සටන දිගට ම වසන්ත මුදලිගේ

308

විහාර මහාදේවි එකට යන්නේ නෑ

ආණ්ඩුව නියම කරන කොළඹ විහාර මහාදේවි උiානයේ අපි අරගල කරන්න සූදානම් නැහැ. අපි අරගල කරන්නේ අපිට ඕන තැන. කවුරු මොනා කිව්වත් රටේ ජනතාව වෙනුවෙන් කරන අරගලය අඛණ්ඩවම ගෝල්ෆේස් ගෝඨා ගෝගමේ කරගෙන යනවා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (27 වැනිදා) පැවසීය.

අරගලකරුවන්ට අරගල කිරීමට කොළඹ විහාර මහාදේවි උiානය වෙන්කර දෙන බවට ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පැවසීම ගැන විමසූ අවස්ථාවේ ඔහු එසේ කීය.

ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය ඇතුළු රටේ ඔඩුදුවන ආර්ථික අර්බුදවලට විසඳුම් නොදී ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමට අරඅදිමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු අරගලය දිගට ම කරගෙන යන බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේ ද කියා සිටියේය.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී කියා තිබෙනවා මේ අරගලය කරන්න විහාර මහාදේවි උiානය වෙන් කරලා දෙනවා කියලා. අපි ඒකට සූදානම් නැහැ. අපි දැන් මේ අරගලය කරන තැන ජනතාවට කිසිම පීඩාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත්ව යනතුරු දිගට ම අපි අරගලය කරනවා.

ඔය කාටවත් කියන්න බැහැ අරගලයක් කරන්න ඕන කොතැනද කියලා. අපේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. මේ හොර නඩය ගෙදර යනතුරු අපි අරගලය දිගට ම කරනවා. රටේ ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය උග්‍රවෙලා. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැතිව ජනතාව මර්දනය කරන්න හදනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment