අරගලය කැළඹූදා වූ හානිය බලන්න ජනපති කොමිසමක්

137

රට තුළ මැයි මස 09දා ඇතිවූ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු ව්‍යසනකාරීතත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂනය කිරීමට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත.
ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බී.පී. අලුවිහාරේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස්. වසන්ත කුමාර යන මහත්වරු පත් කර තිබේ.
මෙහි ලේකම් ලෙස ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා පත් කර ඇති අතර එම මහත්වරුන්ට අදාල පත්වීම් ලිපිද අද (01) දින ප්‍රධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment