අරගලය තෙල්, ගෑස් ලබාගැනීමට නොවේ දූෂිත පාලනය අවසන් කිරීමටයි – සරත් ෆොන්සේකා

249

අරගලය දියත් කළේ තෙල්, ගෑස් ලබාගැනීමට නොව දූෂිත දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

උද්ගතව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව ඊයේ (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

“මේ අරගලය ව්‍යවස්ථානුකූල ජයග්‍රහණයක් නෙවෙයි. මෙය ජනතා බලාපොරොත්තු මත සිට ලබාගත් ජයග්‍රහණයක්. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූල බව කියමින් එය පටලවාගෙන දේශපාලන උප්පරවැට්ටි කිරීම සුදුසු නැහැ. තෙල්, ගෑස් ලබා දුන්නත් රට 2019 තිබූ තැනට ගියත් මේ රට නැවත ගොඩගැනීම අපහසුයි. මේ කරුණ අරගලකරුවන්ට අනුව රට ගොඩගැනීමේ මාවත ඇති විය යුතුයි. ජනතාවගෙන් සොරාකාපු ජාතික ධනය අයකර ගනිමින් නැවත ජනතාවට ලබාදීමට ක්‍රියාකළ යුතුයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment