අරගල කරුවෝ විපක්ෂ නායක හමුවෙති

616

තමන් කිසිදු විටෙක අරගලය පාවා නොදුන් බවත්,ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

ඒ ගෝල්ෆේස් හි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවූ අතර එහිදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක වෙත දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment