අරගල කාලයේ ගෙවල් ගිනි තැබීම් ගැන ලිපි ගොනු 414ක් පොලිසියට – ඇමැති විජයදාස රාජපක්ෂ කියයි

114

අරගල සමයේදී යම් යම් පාර්ශ්ව එක්ව දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධව මේ වනවිට ලිපි ගොනු 414 ක් පොලිසිය වෙත ලැබී තිබෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස තමා නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙන බව ද ඒ මහතා කීය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණ ඇමති ලෙස තමාට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට කිසිදු බලපෑමක් කළ නොහැකි බව ද ඒ මහතා කීය.

ඒ අනුව පොලිසි වෙත ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධව පවතින නීති රාමුව තුළ පියවර ගනු ඇතැයි ද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය.

දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම්වලට සම්බන්ධ අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ක තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් විමසූ විට අධිකරණ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment