අරගල බිමට කඩා වැදුණු – පොලිසිය රිවස් වෙයි

651

ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව අබියස ‘ගෝඨා ගෝගම’ අරගලයේ නිරත පිරිස් ඉදිකර ඇති අට්ටාලයක් ඉවත් කිරීම සඳහාා ඊයේ (02 දා) දහවල් එම ස්ථානයට ගිය උසස් පොලිස් නිලධාරීන් පෙරටු කරගත් කැරලි මර්දන පොලිස් නිලධාරීන්ට අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ආපසු හැරී යෑමට සිදුවිය.

අරගල බිමට කඩා වැදුණු - පොලිසිය රිවස් වෙයි

පොලිස් නිලධාරීන් පුරවාගත් ට්‍රක් රථයක් අරගල භූමියට පැමිණීමත් සමග එහි රැඳී සිටි තරුණ පිරිස් ඊට සිය විරෝධය පළ කර අතර පසුව අරගලකරුවන් අතරට පැමිණි පොලිස් නිලධාරීන්ට ද ඔවුන්ගේ විරෝධය එල්ල විය.

අරගල බිමට කඩා වැදුණු - පොලිසිය රිවස් වෙයි

තමුන් විසින් සිදුකරනු ලබන්නේ අවිහින්සාවාදී අරගලයක් බැවින් ඊට බාධා කිරීමට පොලීසියට ඇති නීතිමය අයිතිය කුමක්දැයි අරගලකරුවෝ උසස් පොලිස් නිලධාරීන්ගෙන් මෙහිදී ප්‍රශ්න කළහ.

අරගල බිමට කඩා වැදුණු - පොලිසිය රිවස් වෙයි

එසේම එම අවස්ථාවට පැමිණි නීතිඥවරියක් එහි සිටි උසස් පොලිස් නිලධාරියකුගෙන් අට්ටාලය ඉවත් කිරීමට නියෝග නිකුත් කළේ කවුරුන් විසින්දැයි ප්‍රශ්න කළාය.

එහිදී එම නිලධාරියා පැවසුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව අවහිර කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති නිසා පොලිසයි අරගල භූමියට කැඳවූ බවයි.

එහිදී නීතිඥවරිය පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කළේ පැමිණිල්ලක් ලැබී ඇත්නම් එය විභාග කරනවා මිස අට්ටාලය ගැලවීමට පොලිසියට ඇති අයිතිය කුමක්දැයි කියාය. පැමිණිල්ල විභාග කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් පොලිසියට පැමිණෙන බව ද ඇය කීවාය.

ඒ අනුව අරගල භූමියට කැඳවා තිබුණු පොලිස් නිලධාරීන් ඉවත් කර ගැනීමට උසස් පොලිස් නිලධාරීන් පියවර ගත් අතර අරගලකරුවෝ එහිදී ප්‍රීතිඝෝෂා නැගූහ.

කෙසේ වෙතත් මේ පිළිබඳව දිවයින කළ විමසුමකදී උසස් පොලිස් නිලධාරියකු පැවසුයේ අරගල භූමියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව අවහිර කරමින් තවත් අට්ටාලයක් ඉදිකිරීමට තරුණයින් පිරිසක් උත්සාහ දරන බවට තොරතුරු ලැබුණු නිසා එය වැළැක්වීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ස්ථානගත කළ බවයි.

හේමන්ත රන්දුණු, – කමල් බෝගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment