අරගල භූමියේ පිපුණු ඩැන්ඩලයන්

260

නජාත් අක්‍රම් විසින් ගී පද වැල් ගෙතු ඩැන්ඩෙලයන් ගීතය අන්තර්ජාලයට එක් වූ නවතම ගීතයක්. ඉමායා පෙරේරාගේ හඬින් ගීතවත් වන මේ ගීතය හැඩ වී ඇත්තේ තරිඳු දම්සරගේ සංගීතයෙන්. අනුරාධා එදිරිසිංහ සහ චතුර රාජපක්ෂ ඊට අරගල භූමිය පසුබිමේ ගීතයේ රූප රචනාවට අපූරු රංගනයක් එක්කර තිබෙනවා.

අරගල භූමියේ පිපුණු ඩැන්ඩලයන්

ඩැන්ඩෙලයන් යනු බටහිර රටවලට වසන්ත කාලය උදාවෙද්දි පිපෙන මනස්කාන්ත මල් වර්ගයකි. දීප්තිමත් කහ පැහැයෙන් යුතු එමලේ රේණු විසිරි යන සේ කටින් පිඹ කරන ප්‍රාර්ථනාවක් ඉෂ්ට වීමේ විශ්වාසයක් ඇත යන මතය නිසා ඩැන්ඩෙලයන් ප්‍රාර්ථනාවේ පුෂ්පයක්.

“දුම්බර මහ කැලයේ පාසලක වසර ගණනක් කැප කරමින් සිටින ගුරුවරියක්, පානම් පත්තුවේ මිනිසුන්ගෙ ජීවිත සුවපත් කරන්න කැප කළ තරුණ නීතිඥවරියකගෙන් පටන්ගෙන නූපන් පරපුරකගේ හෙට දවස වෙනුවෙන් හිරේ විලංගුවේ ලගිමින් අද දවසම කැප කරන අරගල කරන තරුණ තරුණියන් දක්වා ඩැන්fඩිලයන් මල් අපි අතර ජීවත් වෙනවද?” යනුවෙන් ගීතය අන්තර් ජාලයට මුදාහරිමින් ඊට පූර්විකාවක් එක් කර තිබෙන්නෙ ගීතයේ පද රචක නජාත් අක්‍රම්.

advertistmentadvertistment
advertistmentadvertistment