අරගල භූමියේ පිරිසක් කොළඹ තරු හෝටලයක බලෙන් රැඳී සිටියාද? පොලිසියෙන් විමර්ශනයක්

637

ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ සිටි සංවිධානාත්මක පිරිසක් එම ප්‍රදේශයේ සුපිරි හෝටලයක කාමර කිහිපයක බලහත්කාරයෙන් නවාතැන් ගෙන සිටි බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පිරිස හෝටල් කළමනාකාරීත්වයට තර්ජනය කර ඔවුන් බිය ගන්වා එහි කාමර දෙකක දින ගණනාවක් තිස්සේ රැඳී සිටි බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම සංවිධානාත්මක පිරිසට ඇති බිය නිසා හෝටල් කළමනාකාරීත්වය මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත්වී නොමැති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේ අරගලකරුවන් ගාලුමුවදොර පිටියේ ඉතාම දුෂ්කරව කාලය ගත කරද්දී මෙම සංවිධානාත්මක පිරිස සුපිරි හෝටලයකට වී මත්පැන් පානය කරමින් ආහාර ගනිමින් ඉතාම සුඛෝපභෝගීව ගත කර ඇති බවයි.

සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුනු
 

advertistmentadvertistment
advertistmentadvertistment