අරපිරිමැස්මටවත් ඉන්ධන නැහැ-මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා

157


රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ජාතිය අමතා කළ විශේෂ ප‍්‍රකාශයෙන් ඉල්ලා සිටියත් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිව ජනතාව සිටින බව සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියා හිතන එකත් වැරදියැයිද පවසන ඒ මහතා හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද යැයි විමසා සිටී. හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඉන් ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් ලෙස ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එකයැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment