අරමුණ සහ අවංකභාවය ගැටලුවක්: අද උද්ඝෝෂණයට ජාජබ නෑ – වසන්ත සමරසිංහ  

300

අරමුණ සහ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න පවතින බැවින් අද (02දා) උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (01දා) ‘දිවයින’ ට පැවසීය.

ජවිපෙ සහභාගි වන්නේ අවංක අයගේ සටන්වලට පමණ බවත්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සටන් වදින පිරිස ජාතික සම්පත් විකිණීමේදී නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කිරීම

ගැටලුවක් බවත් පැවසූ වසන්ත සමරසිංහ මහතා එසේ තිබියදී වෙනත් අරමුණු වෙනුවෙන් සටන් වදින්නේ අවස්ථාවාදීන් බව කීවේය.

සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ආණ්ඩුව විසින් දින හැත්තෑ ගණනක් රඳවා තබාගැනීම ලැජ්ජාවක් බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment