අරලගංවිල වී ගැන වාර්තාව අද ඇමැතිට

111

2015 දී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගන්නා ලද කිලෝ ග්‍රෑම් 4000ක් පමණ වී තොගයක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා අරලගංවිල වී ගබඩාවේ විනාශවීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, අදාල වගකිව යුතු නිලධාරින් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට කෘෂිකර්මය ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. ඒ අනුව අදි දිනය තුළ වහාම ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස සභාපතිවරයා අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට උපදෙස් දී ඇත. මෙම ගබඩාවේ අබිලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා තුළ තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබුනි.

advertistmentadvertistment
advertistmentadvertistment