අරලියගහමැඳුර ඉදිරිපිට පදික වේදිකාවේ බස් නතර කරලා –  නීතිඥවරුන් පැමිණිලි කරද්දී පොලිසිය බබා පාට් දමයි

376

අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ බස් රථ ඇතුළු වාහන නවතා තැබීම මෝටර් රථ ආඥා පනතට අනුව නීති විරෝධි බැවින් ඊට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලිසියට ගොස් ඉල්ලා සිටියහ.

අරලිගහහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවේ නිරත පිරිසට අවහිර වනසේ පදික වේදිකාවේ මෙම බස් රථ නවතා තිබෙන බවත් එලෙස පදික වේදිකාවේ වාහන නවත්වා ඇති පිරිසට දඩ මුදල් නියම කර හෝ එම බස් රථ ගෙනැවිත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් නීතිඥයෝ ඉල්ලා සිටිති.

මෙම විරෝධතාවේ නිරතව සිටින පිරිස අතර බස් රථ නවතා තිබියදී යම්කිසි කඩාකප්පල්කාරී පිරිසක් ඒවාට යම් හානියක් සිදු කළහොත් එහි වගකීම බාරගන්නේ කවුරු දැයි නීතිඥවරු ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කරන විට පොලිසිය කියාසිටියේ පදිකවේදිකාවේ බස් රථ ඇතුළු වාහන නවතා තිබෙන බව නොදන්නා බව යැයිද නීතිඥවරු කියා සිටියහ.

මේ පිළිබඳ රථ වාහන පොලිසියෙන් විමසූවිට එහි උසස් නිලධාරියෙක් කියාසිටියේ මෙම රථ වාහන වරද කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් නියම කරන වරදක් බවයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment