අරලියගහ මන්දිරයෙන් පෞරාණික භාණ්ඩ ඉස්සූ අයෙක් රාජගිරියේදී දැලේ

126

අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපළ සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායකපුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම වන ලද බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

සැකකාර පුද්ගලයා තවත් පිරිසක් සමග ඉකුත් නව වැනිදා අරගලකරුවන් මුවාවෙන් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබූ මෙම දේපළ සහ අරලියගහ මන්දිරය තුළ තිබූ බිත්ති සැරසිලි සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි. තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment