අරලියගහ මන්දිරයේ භාණ්ඩවලට  කෝටි 2ක හානියක්

170

අරගලකරුවන්ගේ ග්‍රහණයට පත්වීමෙන් පසුව අරලියගහ මන්දිරයේ තිබූ භාණ්ඩවලට පමණක් රුපියල් කෝටි දෙකකට අධික අලාභයක් සිදුවී ඇති බවත් එම මන්දිරයට සිදුකර ඇති හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කොල්ලුපිටිය පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (10දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

එම මන්දිරයේ තිබූ භාණ්ඩ හා උපකරණ විශාල ප්‍රමාණයක් සොරාගෙන ඇති බවත් එලෙස සොරාගත් භාණ්ඩ සම්බන්ධයෙන් මේ වනවිට වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment