අරවගේ වැඩක් කරන්න ගිය කාමාතුරයාට රොනාල්ඩො ගණයේ පා පහරක්

1205

රසාංග තෙවරප්පෙරුම ව්‍යාපාරිකයෙකි. වයස අවුරුදු 36 කි. අවිවාහකයෙකි. පදිංචිය කිරුළපන ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකයි. ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා තිබුණේ කොළඹ කොටුවේය. එම නිසා දිනපතාම පාහේ උදෑසන නිවසින් පිටවී යන ඔහු සවස 7.00 පමණ විට යළි නිවසට පැමිණෙයි.

රසාංගට එතරම් මිතුරන් සිටියේ නැත. එයට ප‍්‍රධානම හේතු වූයේ ඔහුගේ නොහොඹිනා ගතිගුණයි. ඔහු සල්ලාල පුද්ගලයකු විය. කොටින්ම කියතොත් ඔහු නිවසකටවත් වද්දා ගැනීමට සුදුසු පුද්ගලයකු නොවීය. මෙවැනි තත්ත්වයක් මත වුවද රසාංගගේ හොඳම යහළුවා වූයේ සුසන්තයි.

සුසන්තද එම නිවාස සංකීර්ණයේම පදිංචි තරුණයෙකි. වයස අවු 34 කි. අවිවාහකයෙකි. පෞද්ගලික අංශයක රැකියාවක් කරන ඔහු තම නැඟණිය සහ දෙමව්පියන් සමග ජීවත් වෙයි.

දිනය පසුගිය දෙවැනිදාය. එදින සුසන්ත සහ රසාංග මත්පැන් පානය කරමින් සිටියහ. ඒ අතර ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

‘‘රසාංග මට හෙට මළගෙදරක යන්න තියෙනවා.”

‘‘ඒ කොහෙද බං.”

‘‘අළුත්ගම පැත්තෙ. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ තාත්තා නැති වෙලා.”

‘‘එහෙමද මේ දවස්වල මළගෙවල්වල යන එක හොඳයිද?”

‘‘යන්න නම් හොඳ නැහැ. ඒත් හොඳ බොක්කක් ඒක නිසා යන්න වෙනවා. හෙට ?ට අපි පස්දෙනෙක් යන්න ඉන්නේ.”

‘‘එහෙමද එනකොට ? වෙයි නේ.”

‘‘ඔව් බං ගොඩක් ? වෙයි.”

‘‘රෑ දෙගොඩහරියෙ එනකොට දොරවල් අරින්නේ කවුද බං. අපේ ගෙදරනම් කවුරුත් දොරවල් හරින්නෙ නැහැ. එළිවෙනකම් එළියම තමයි ඉන්න වෙන්නේ.”

‘‘අපේ ගෙදරත් එහෙම තමයි. ඒකට මං පිලියමක් යොදල තියෙන්නෙ.”

‘‘ඒ මොකක්ද බං.”

‘‘මම රෑ වෙලා එන දාට අපේ ගෙදර අයට කියලා තියෙන්නේ දොර ලොක් කරන්න එපා කියලා.”

‘‘ෂා ඒක මරුනේ.”

‘‘ඒක මරු කියලා කාටවත් එහෙම කියනවා නොවේ.”

‘‘උඹට පිස්සුද බං. මම එහෙම කරනවද?”

‘‘හරි මං ඒක දන්නවා විහිළුවට කිව්වේ.”

එම කතාව එලෙස අවසන් වුවත් මත්පැන් බීම ඔවුන් දෙදෙනා දිගටම කරගෙන ගියහ. එය අවසන් වූ පසු රසාංග තම නිවසට ගියේ යටි සිතේ අරමුණක් තබා ගෙනයි.

ඉතා සල්ලාල පුද්ගලයකු වූ රසාංග තම හොඳම මිතුරාගේ නැඟණිය කෙරෙහිද කලක සිට ඇස ගසා ගෙන සිටියේය. ඇය ඉතාමත් රූමත් තරුණියකි. එම සුන්දරත්වය රසාංගගේ පහත් ආශාවන් තවත් වැඩි කළේය. බීමතින් සිටි ඔහු එදින රාත‍්‍රියේ මෙලෙස සිතුවේය.

‘‘හෙට සුසන්ත මළගෙදර යනවා. එනකොට රෑ වෙනවා. ගෙදර දොර ඇරලා තියෙන්නේ. මහා දෙන්න දහය වෙනකොට නිදාගනියි. එතකොට කාමරේ ඉන්නෙ සුසන්තගේ නංගි විතරයි.”

‘‘මම කොච්චර ඇහැ ගහගෙන ඉන්නවාද ඒකි ගැන. මේ හරියකවත් නැහැ ඒකි තරම් ලස්සන කෙල්ලෙක්. බලන්න ඒකි අදින ඇදුම්. ඇෙඟන් භාගයක් එළියේ. මතක් වෙනකොටත් පිස්සු හැදෙනවා.”

‘‘පාරේ යනකොට එහෙම අ`දිනවා නම් රෑට ගෙදර කොහොම ඉන්නවා ඇද්ද? හෙට සුසන්ත නැති එකේ වෙස් වලාගෙන ගෙට පනින්න ඕනා. ඒකි ඉන්න විදිහ දැක්කත් ඇති.”

රසාංග තම හොඳම යහළුවාගේ නැඟණිය ගැන එලෙස පහත් සිතින් සිතුවේය. ඔහුගේ අරමුණ වූයේ පසුදින සුසන්තගේ නිවසට රිංගා ඇයගේ නැඟණියට ලිංගික අඩත්තේට්ටම් කිරීමයි.

පසු දින උදාවිය. රසාංග ව්‍යාපාර කටයුතු අවසන් කර සුපුරුදු පරිදි නිවසට පැමිණියේය. එලෙස පැමිණි ඔහු සුසන්ත නිවසේ සිටිනවා දැයි විපරම් කර බැලූවේය. එවිට දැනගන්නට ලැබුනේ ඔහු නිවසේ නොමැති බවයි. ඒ අනුව සුසන්ත අවමංගල උත්සවයට සහභාගි වී ඇති බව ඉඳුරාම ඔහු දැන ගත්තේය. ඒ අනුව තම පහත් ආශාව ඉටුකර ගැනීමට වේලාව පැමිණෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියේය.

රාත‍්‍රී 10.00 පසුවිය. රසාංග නමැති මෙම කාමාතුරයා අඩිරූලක් ගෙන සුසන්තගේ නිවස බලා ගියේය.

පියගැටපෙළ නැඟ නිවස අසලට ගිය ඔහු හිමින් සීරුවේ ප‍්‍රධාන දොරටුවේ අගුල කරකෙව්වේය. තම මිතුරා කියූ පරිදිම එය අගුළු දා නොතිබුණි.

හෙමින් සීරුවේ දොර ඇරගත් රසාංග එම නිවස තුළට ඇතුළු විය. එලෙස ඇතුළු වූ ඔහු අවුරුදු දහනමයක් වයසැති එම තරුණිය නිදා සිටි කාමරය වෙත ගියේය.

මේ කිසිවක් නොදත් එම තරුණිය තම ශරීරයේ අඩක් පමණ නිරාවරණය වන සේ ඇ`ද, ඇඳ මත වැතිර නිදියමින් සිටියාය. ඇය සිටිනා එම ඉරියව්ව දුටු රසාංග නමැති කාමාතුරයාට තමන් ඉන්නා සිටිනා තැන අමතක විය. ඔහු එකපාරටම ගොස් එම තරුණිය වැළඳගත්තේ තම පහත් ලිංගික ආශාවන් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි.

ගැඹුරු නින්දක සිටියත් එම තම සිරුර වැළඳගැනීමෙන් තරුණිය එක්වරම ඇහැරුණි. එලෙස නින්දෙන් ඇහැරෙනවාත් සමගම තමන් යම්කිසි පුද්ගලයෙක් වැළඳගෙන ඇති බව අවබෝධ වූවාය. ඒත් සමගම ඇය කෑ ගැසීමට සූදානම් වූවාය. එහෙත් එම කාමාතුරයා එයට ඉඩක් ලබා දුන්නේ නැත. ඉනේ සඟවා තිබූ අඩිරූල අතට ගත් එම කාමාතුරයා සැරසුනේ එය ආයුධයක් බව පෙන්වා තරුණිය බිය කර තම පහත් ආශාවන් සංසි`දුවා ගැනීමටයි.

බුද්ධිමත් තරුණියක් වූ ඇයගෙන් එයට ඉඩක් ලැබුනේ නැත. එම ආයුධය යැයි කියූ දෙය දෙස ඇය ක්ෂණිකව බැලූවාය. එවිට එය ආයුධයක් නොව අඩිරූලක් බව ඇය දැන ගත්තාය. ඒ අනුව ඇය ඒ බව නොපෙන්වා තප්පර කීපයක් එම කාමාතුරයා ගේ බසට අවනත වූවාය.

‘‘කෙල්ල බය වුණා. දැන් තියෙන්නෙ මට මගේ වැඬේ කරගන්න විතරයි.” එලෙස සිතු කාමාතුරයා එම තරුණියගේ අඩ නිරුවත් ශරීරය සිප ගැනීමට උත්සාහ කළේය. ඒ සමගම තරුණිය කාමාතුරයාගේ රහස් ප‍්‍රදේශයට තදින් පා පහරක් එල්ල කළාය. රහස් ප‍්‍රදේශයට එල්ල වූ එම පහ පහර කාමාතුරයාට දරා ගැනීමට නොහැකි වූයේය. ඔහුට දවල් තරු පෙණුනි. ඒ සමගම තරුණිය නිවැසියන්ට ඇසෙන ලෙස කෑ මොර දුන්නාය.

සියලූ දේ වැරදුණු බව ක්ෂණිකව කාමාතුරයාට දැණුනි. තරුණියගේ පා පහර නිසා රහස් ප‍්‍රදේශයේ දැනෙන වේදනාව ද අමතක කරමින් කාමාතුරයා එම ස්ථානයෙන් පැන ගැනීමට උත්සාහ කළේය. එලෙස පැන යන අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථනය එම නිවස ආසන්නයේ තරප්පු පෙළ මත වැටුණි. කලබලය නිසා ඔහුට එය සොයාගැනීමට නොහැකි විය. එම නිසා ජංගම දුරකථනය දමා ඔහු පැන ගියේය.

සැකකරු පැන ගියත් ඔහුගේ ජංගම දුරකථනය නිවැසියන් සොයා ගත්තේය. එලෙස සොයාගත් ජංගම දුරකථනය කිරුලපන පොලිසිය වෙත ඉදිරිපත් කළ එම නිවැසියන් තරුණියව ලිංගික අපයෝජනයට ලක් කිරීමට තැත්කළ සැකකරුට විරුද්ධව පැමිණිල්ලක්ද දැමුවේය.

කිරුළපන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කොළඹ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පහත් ලිංගික ආශාවන් ඇති එම සැකකරුට අවසානයේ සිදුවූයේ රක්ෂිත බන්ධනාගාරගත වීමටයි.

ගයන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment