අර්චනා හඳුනාගන්න මන්නාරම පොලිසියෙන් පරීක්ෂණ

270

ඉන්දියාවේ සිට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන එන ලද බවට සැක කෙරෙන බෝට්ටුවක් අබිරහස් ලෙස මන්නාරමේ සවුත්බාර් ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම බෝට්ටුවේ ලියාපදිංචි අංකයක් හෝ වෙනත් යමක් සටහන් කොට නොමැති බව පවසන මන්නාරම පොලීසිය බෝට්ටුවේ එක තැනක ‘‘අර්චනා’’ යනුවෙන් පමණක් සඳහන්ව ඇති බවද සඳහන් කළේය.

බෝට්ටුව අතහැර දමා ගිය පිරිස එම බෝට්ටුව හඳුනාගැනීමට නොහැකි වන අන්දමට ලියාපදිංචි අංක හා සෙසු විස්තර මකා දමා ඇත්තේ මේ බෝට්ටුව උපයෝගී කරගෙන කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැුගෙන ඒම නිසා විය හැකි බවට පොලීසිය සැක කරයි. මන්නාරමේ ධීවර සමිති නියෝජිතයෝ ප‍්‍රකාශ කොට ඇත්තේ එම බෝට්ටුව ශ‍්‍රී ලංකාවේ ධීවරයින්ට අයත් බෝට්ටුවක් නොවන බවත් අත්හැර දමා ගොස් ඇති බෝට්ටුවෙන් පැමිණි කිසිවකු මන්නාරමේ ධීවරයින් විසින් දැක නොමැති බවත්ය. මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment