අර්ජුන් මහේන්ද්‍රන්ලා නැතිව බැඳුම්කර වංචා නඩු විභාග කරන්න ඉල්ලයි

91


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේයග

2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට විදේශ ගතව සිටින බව වාර්තා වේ.

එම නඩුව අද චම්පා චානක රාජරත්නල දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment