අර්ධ අවසන් පූර්ව තරග අද සහ හෙට – මොරොක්කෝව සහ පෘතුගාලය එංගලන්තය සහ ප්‍රංශය

164

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස පෘතුගාලය සහ මොරොක්කෝව අද (10 වැනිදා) රාත්‍රී 8.30 ට කටාරයේ අල්තුමාමා ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

එමෙන්ම හෙට (11 වැනිදා) අලුයම 00.30ට අල් බයට් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වෙන තරගය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගය වේ.

මෙම කණ්ඩායම් හතර පිළිබඳව සලකා බැලීමේදී ඔවුන් සියලු දෙනා මූලික වටයේ තරගවලදී සිය කාණ්ඩයන්ගෙන් පෙරමුණ ගෙන අවසන් 16 අතරට පිවිසි කණ්ඩායම් වීම විශේෂත්වයකි. එහිදී පෘතුගාලය එච් කාණ්ඩයෙන්ද, එංගලන්තය බී කාණ්ඩයෙන් ද, මොරොක්කෝව එෆ් කාණ්ඩයෙන්ද, ප්‍රංශය ඩී කාණ්ඩයෙන් ද පෙරමුණට පැමිණියේය.

අනතුරුව එංගලන්තය විසින් සෙනගාලය ද, ප්‍රංශය විසින් පෝලන්තය ද අවසන් කණ්ඩායම් 16 වටයේදී පරාජය කර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මොරොක්කෝව විසින් ස්පාඤ්ඤය ද, පෘතුගාලය විසින් ස්විට්සර්ලන්තය ද එම වටයේදී පරාජයට පත් කරන ලදී. මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව තරග වටයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment