අර්ධ අවසන් සටන් අදින් ඇරඹේ

261

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර අද (09 වැනිදා) රාත්‍රි 8.30ට පැවැත්වීමට නියමිතය.

ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ලෙස හෙට (10 වැනිදා) අලුයම 00.30ට තරගවදිනු ඇත.

බ්‍රසීලය විසින් දකුණු කොරියාවද, ක්‍රොඒෂියාව විසින් ජපානය ද අවසන් කණ්ඩායම් 16 වටයේදී පරාජය කර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

නෙදර්ලන්තය විසින් එම වටයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ද, ආර්ජන්ටිනාව විසින් ඔස්ටේ්‍රලියාව ද එම වටයේදී පරාජයට පත් කරන ලදී.

පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ වඩාත් සාර්ථකම කණ්ඩායම ලෙස පිළිගැනෙන බ්‍රසීලය 1994 වසරෙන් පසුව අඛණ්ඩව පාපන්දු ලෝක කුසලාන තරගාවලියන්හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

ක්‍රොඒෂියාව පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය දිනාගත් කණ්ඩායමයි. මෙම රටවල් දෙක අතරින් බ්‍රසීලය මෙවර තරගාවලියේ මූලික වටයේදී “ජී” කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි අතර එහිදී එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. “එෆ්” කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගත් කණ්ඩායම ලෙස ක්‍රොඒෂියාව අවසන් 16ට පිවිසියේය.

නෙදර්ලන්තය මෙවර තරගාවලියේ “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසන් 16ට පිවිසි අතර ආජන්ටිනාවද “සී” කාණ්ඩයේ පළමු වෙනියා ලෙස සිය අපරාජිත බව රැක ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment