අර්ධ ශතක 3 ක් මතින් කොළඹට ජය

140

මහනුවර කණ්ඩායමට එරෙහිව ක‍්‍රීඩකයන් අර්ධ ශතක තුනක් රැස්කිරීමේ ප‍්‍රතිඵලය මත කොළඹ කණ්ඩායම නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දවැනි ජයග‍්‍රහණය ලබා ගැනීමට ඊයේ (28 දා) සමත් විය. නායක දිමුත් කරුණාරත්න නුවන් ද ප‍්‍රනාන්දු සහ නිපුන් ධනංජය එසේ අර්ධ ශතක වාර්තා කළ අතර නිපුන් නොදැවී ලබාගත් ලකුණු 70 හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය. කොළඹ පී සරා කී‍්‍රඩාංගණයේදී පැවැති එම තරගයේදී කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 271 ක් ලබා ගත්තේය. එහිදී සනත් ආරච්චිගේ පන්දු 85 කදී ලකුණු 86 ක් ලබාගත් අතර පුලින තරංග සහ කවිඳු මෙන්ඩිස් ලකුණු 36 සහ 35 බැගින් ලබා ගත්හ.

කොළඹ කණ්ඩායම වෙුනවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ලහිරු මධුසංඛ ලකුණු 54 කට කඩුලූ 4 ක් දවා ගත්තේය. කුල`ග පෙරේරා සහ තරිඳු රත්නායක කඩුලූ 3 සහ කඩුලූ 2 බැගින් දවා ගෙන ලහිරුට දායකත්වය ලබා දුන්හ. කඩුලූ 4 ක් පමණක් දැවීගිය කොළඹ කණ්ඩායමට එරෙහිව ලසිත් ඇඹුල්දෙනිය කඩුලූ දෙකක් ලබා ගත්තේ ලකුණු 48 ක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment