අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

74

22න් ජනපති බලතල තවත් ශක්තිමත් කරලා

සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදයෙන් ගොඩ ආ යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (03දා ) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ආණ්ඩුව විසින් මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ ජනතාව දිගින් දිගටම ඉල්ලුවේ 20 වෙනි සංශෝධනයෙන් ගෙනාපු ඒකාධිපති පාලන ක්‍රමය ඉවත් කරලා නැවත 19 වන සංශෝධන ගේන්න කියලා. මේ රටේ ජනතාව අරගල කරන කොට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මැයි 11 ජාතිය අමතා කිව්වා අපි නැවත 19 ගේනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. මොකක්ද මේ ආණ්ඩුව දැන් ගෙනත් තියෙන විසි දෙවැනි සංශෝධනය. ඒකෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගෙ බලතල අඩු කරනවා වෙනුවට බලතල 19 ට සාපේක්ෂව වැඩි කිරීමක්. අගමැතිවරයා අස් කිරීමේ බලය දහනමයෙ තිබුණේ නෑ 22 තියනවා. අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිට තියෙනවා කියලා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම 19 තිබුණේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි මේ 22න් සාකච්ඡා කරලා ජනාධිපතිට ඕන විදියට. ජනාධිපතිට ඇමතිකම් දරන්න බෑ කියලා 19යේ තිබුණා. දැන් 22 තියෙනවා ජනාධිපතිට ඇමතිකම් දරන්න පුළුවන් කියලා. එහෙනම් මේ ජනාධිපතිවරයා රටේ ජනතාවට මැයි 11 වැනිදා කියපු කතාව බොරුවක්. ජනතාව රවට්ටනවා හැමදාම. අද ඒ වෙනුවට ජනාධිපති බලතල අඩු වෙනවා වෙනුවට 19ට සාපේක්ෂව වැඩි කරලා. ඒ විතරක් නෙමේ ව්‍යස්ථාදායක සභාව එතනින් තමයි ස්වාධීන කොමිෂන් සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සර වෙලා ව්‍යවස්ථාදායක සභාවේ 19 සමබරතාවක් තිබුණා අගමැති, කතානායක, විපක්ෂනායක, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා පත් කරන තුන් දෙනෙක් එක්ක තවත් අය සාකච්ඡා කර පත්කරන්න. මේකට ගෙනල්ලා තියෙනවා කතානායක පත් කරනවා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගන්නවා කියලා. ඒ කියන්නේ මේ රජය පත් කරනවා හත් දෙනෙක්. විපක්ෂයට අනෙක් කණ්ඩායම් වලට තුන් දෙනයි. එහෙනම් මේ රජයත් ජනාධිපතිවරයාත් විජේදාස රාජපක්ෂ මහත්මයාත් මේ රටේ ජනතාව රවට්ටලා ද තියෙන්නේ. මහා නායක හාමුදුරුවරුන්ට විජේදාස රාජපක්ෂ මහත්තයා ඒ සංඝ මූලස්ථානවලට ගිහිල්ලා දුන්න එක නෙමෙයි ගැසට් කරලා තියෙන්නේ. එහෙනම් මහා නායක හාමුදුරුවරුත් මේගොල්ලෝ රවට්ටලා. ජනාධිපති තමන්ගේ බලය අතේ තියාගන්න තවදුරටත් කටයුතු කරනවා.

ජනාධිපතිවරයා ජනතාව අමතා කිව්වා ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලයට පොරොන්දුවක් දුන්නා සිවිල් සංවිධානවලට පොරොන්දුවක් දුන්නා මට මතකයි විපක්ෂ නායකයා වෙනුවෙන් අපි ගිහින් සාකච්ඡා කරද්දී කිව්වේ දහනමය ගේනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරනවා කියලා. නමුත් ඒ කිසි දෙයක් කරන්නෙ නෑ. එහෙනම් මේ ජනාධිපතිවරයා අද ජනතාවත් මහනායක හාමුදුරුවරුත් සියලු දෙනාම රවට්ටනවා. ඒක තමයි සිව් නිකායේ මහා නායක හාමුදුරුවරු යෝජනා කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගේන්න කියලා. ඒ කියන්නේ ගෝඨා රනිල් ආණ්ඩුව මහනායක හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලා. ඒකෙන් අදහස් වෙන්නේ

ගෝඨා රනින් ආණ්ඩුව අසාර්ථකයි. අද පෝලිං නැති වෙලා නෑ. අද ඉන්ධන නෑ. ගෑස් නෑ. බඩු මිල එන්න එන්නම වැඩි වෙනවා. තෙල් මිල එන්න එන්නම වැඩි වෙනවා. රාජපක්ෂවරු ආරක්ෂා කිරීමේ කාර්ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කරනවා. ඒ නිසා තමයි මහා නායක හාමුදුරුවරු ඊයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණේ මේ ප්‍රශ්නවලට පිළියමක් විදිහට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. දැන් තියෙන ආණ්ඩුව සර්වපාක්ෂික නෙමෙයි. එක මන්ත්‍රීකමක් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපෙන් දෙන්නෙක් එකතු කරගෙන තමයි හිටපු පොදුජන පෙරමුණේ කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හැදුවේ.

අද ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න. එහෙනම් අපි සමගි ජන බලවේගය විදිහට අද අවස්ථාව ඇවිත් තියෙනවා සියලු පක්ෂ සමග ස්වර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ගමනක් යන්න. මේ ප්‍රශ්නවලට අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරන්න.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද මෙහිදී අදහස් දැක්විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment