අර්බුදයට හේතුව  රුසියානු – යුක්රේන්  යුද්ධයයි  – බැසිල් කියයි

274

පවතින අමාරු තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

රුසියානු – යුක්රේන් යුද්ධයේ බලපෑම්වලට ද මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව කීවේය.

තෙල් මිල දැනට වැඩිකර ඇත්තේ අයි ඕසී එකේ. අනෙක් ඒවයෙත් සමහර විට වැඩි කරයි. තෙල් මිල ගණන් ලෝකයේම වැඩි වෙනවා යැයි ද මුදල් ඇමැතිවරයා කීවේය.

අපේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අපේ ඇමැතිවරුයි සියලූ දෙනාම උත්සාහ කරන්නේ ජනතාවට සහන සැලසීමට යැයි ද මුදල් ඇමැතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment