අර්බුදයෙන් ගොඩඑන්න කැබිනට් වෙනසක්!

753

රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී කැබිනට් සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි ද අනාවරණය වේ.
කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන සාමුහික තීණ්දු තීරණවලට එරෙහිව එළියට පැමිණ ඒවා විවේචනයට ලක්කිරීම නිසා ආණ්ඩුවේ සාමූහිකත්වයට එය ප‍්‍රබල බලපෑමක් වී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

විශේෂයෙන්ම ‘යුගදනවි’ බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයට එරෙහිව එය විවේචනය කිරීම නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවට පත්වීම ද සාකච්ඡුාවට බඳුන් වී ඇත.

රටේ ප‍්‍රධාන පෙළේ ආර්ථික මර්මස්ථානවල තීරණ තීන්දු ගනු ලබන තීරක රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂවල ඇතැමුන් එළිපිටම විවේචන එල්ල කිරීම නිසා වහා කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බවට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කියා තිබේ.

ඒ අනුව වත්මන් ආර්ථික දේශපාලන අර්බුදවලට මුහුණ දීම සඳහා ශක්තිමත් හා කාර්යක්‍ෂම රාජ්‍ය යාන්ත‍්‍රණයක් සැකසීමට මෙම සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් කොවිඞ් වසංගතයත් සමග දැඩි ලෙස අර්බුද රැුසකට ලක්වූ බවත් ඒ බොහෝ රටවල් එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා නිසි පියවර ගනු ලැබුවත් මෙරට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා ඇතැම් මැති ඇමැතිවරුන් අලූත් ක‍්‍රමවේදවලට යොමු නොවීම නිසා අර්බුද උග‍්‍ර වීමට ඉඩ ඇති බවත් ආණ්ඩුවේ ප‍්‍රබලයන් ජනාධිපතිවරයාට කියා තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ඉතා වැදගත් බැවින් කාර්යක්‍ෂම හා තීක්‍ෂණ දැක්මක් සහිත මැති ඇමැතිවරුන් හා නිලධාරීන්ට ඒ ඒ අංශ ලබාදී වර්තමාන අර්බුදවලට මුහුණදීම අත්‍යවශ්‍ය බව රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ අතර නීතිපති සංජය රාජරත්නම් මහතා ද සිකුරාදා (17 වැනිදා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ප‍්‍රකාශයක් කරමින් කියා ඇත්තේ කැබිනට් ඇමැතිවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් යුගදනවි ගිවිසුමට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශ ලබාදීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කර ඇති බවයි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment