අර්බුදයෙන් ගොඩඑන්න වැඩි වැඩියෙන් වීර්යය වඩමු

235

පරක්කමධාතු යනු එන බාධක ගැටලූ මග හරවා ඉදිරියට යෑමේ වීර්යයි. ථාමධාතු නම් බලවත් වීර්යයි. ප‍්‍රතිඵලය ලැබෙන තුළ බලවත්ව ඒ වෙනුවෙන් කැපවීමයි. ඨිතිධාතු යනු තමා තුළ පවතින වීර්යෙහි ශක්තිය අඩු නොකර  ගැනීමයි. උපක්කමධාතු යනු ප‍්‍රඥාවන්තම නව ක‍්‍රමවේද සොයමින් තම අරමුණ කරා යාමයි

 රටතුළ මහා අර්බුදයක් පවතී. ඩොලර් හි`ගයක් පවතියි. මේ නිසා තෙල්, ගෑස් නැත. පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් ඇදහිය නොහැකි අයුරින් ඉහළ ගොස් ය. ගැස්, තෙල්, කිරි පිටි පෝලිම්ය. කිරි පිටි පැකට් එකක් සිමෙන්ති කොට්ටයකට වඩා මිල ය. භාණ්ඩ මිල වැඩි වුණ ද ආදායම් වැඩි වීමක් නැත. ප‍්‍රවාහනය ඇණහිට ඇති බැවින් ආහාර හිඟයක පෙර නිමිති දක්නට ලැබෙයි. පෝලිම්වල වතුර ටිකක්, ආහාර ටිකක් නැතිව සිටින මිනිස්සු එතැනම මැරෙති. හතර වන මරණය ද මෙම ලිපිය ලියන අවස්ථාව වන විට වාර්තා විණි. විරුද්ධ පාක්ෂිකයෝ ජනපති මැඳුර වටලති. ජනාධිපති තුමන් ප‍්‍රධාන ආණ්ඩුව පවතින තත්වය සම්බන්ධයෙන් සංවේදී වෙයි. මේ තත්ත්වය හමුවේ උද්ඝෝෂණ පෙළපාලි යාමෙන්, චිත්ත ¥ෂ්‍ය භාවය ගොඩනැගෙයි. වෛරී ආදී අකුසල සිතුවිලි උපදියි. එමනිසා බුදු දහමෙහි දැක්ම තුළින් අර්බුදය විසදන ආකාරය විමසා බැලීම අපගේ අරමුණයි.

 අපි බෞද්ධයෝ වෙමු. බෞද්ධයා ප‍්‍රබුද්ධයෙකි. සාම්ප‍්‍රදායික දැක්මෙන් තොරව නවතාවයකින් දකියි. සියලූ අර්බුද පරදන සංසාර දුක නමැති අර්බුදයෙන් නිදහස් වීම ස`දහා වෙර දරයි. එය එසේ නම් මෙම අර්බුදය බෞද්ධයාට නම් ඉතා සුළු අර්බුදයකි. අර්බුදය හමුවේ අපගේ ක‍්‍රියාකාරිත්වය පදනම් කොට ගෙන එය එසේ වෙයි.

 විමර්ශනය තුළින් ගැටලූව ඇති වීමට හේතු සොයා ගත හැකිවාක් මෙන් ම ගැටලූව විස`දීමට ගත යුතු ක‍්‍රියාමාර්ග කවරේ ද යන්න මතු කර ගත හැකි ය. එය ප‍්‍රඥාවෙන් යුතුව අවබෝධ කර ගත යුතු වේ. ඉන් අනතුරුව වීර්ය කළ යුතුයි. විස`දුම ලැබෙන තුරු වීර්ය වන්ත විය යුතු වෙයි.

 මෙම අර්බුදකාරි අවස්ථාවේ දී ඩොලර් නම් අර්බුදයට හේතුව ඒ ස`දහා ගත යුතු ක‍්‍රියාමාර්ග සෙවිය යුතුයි. සාම්ප‍්‍රදායික ක‍්‍රම වු විදේශ රැකියා, සංචාරකයන් ගෙන්වා ගැනීම, ඇ`ගලූම් ආදියෙන් එය ප‍්‍රමාණවත් නොවේ නම් ඒ වෙනුවෙන් ගත යුතු නව ක‍්‍රමවේද කවරේ දැයි විමර්ශනය කළ යුතු යි. ආනයනය සීමා කිරීම මෙන් ම අපනයන වැඩි දියුණු කළ හැකි නව නිර්මාණ සොයාගත යුතුයි. විමර්ශනය එය වෙයි. එය ප‍්‍රඥාවෙන් කළ යුතුයි. අපේ බිමෙන් කොටසක් විකුණා ඩොලර් ටිකක් ලබා ගැනීම බුද්ධිමත් නොවෙයි. එය තවත් ප‍්‍රපාතයට යාමකි. විකුණන් කෑම කිසිසේත් ම පුද්ගල හෝ රටක සංවර්ධනය ස`දහා උචිත ක‍්‍රියාමාර්ගයක් නොවෙයි. ඒ බේබද්දාගේ ක‍්‍රියාදාමයකි. එහෙයින් කළමනාකරණයේ දී හා සංවර්ධනයෙහි දී බුද්ධිමත් වීම සුවිශේෂී ගුණයකි. මෙසේ බුද්ධිමත් නොවූ තීන්දු තීරණ රට, පුද්ගලයා ප‍්‍රපාතයට දමා ඇත. අනෙක් සියලූ දේ ලබා ගැනීමේ දී මේ චින්තනය තිබිය යුතු යි.

 අර්බුදයෙන් ගොඩ නැගීම ස`දහා පුද්ගලයකු තුළ රටක් තුළ තිබිය යුතු සුවිශේෂී ගුණය වීර්යයි. බුදුරජාණන් වහන්සේ සුවිශේෂීව ගැටලූ විස`දා ගැනීම ස`දහා උපයෝගි කර ගත යුතු ගුණයක් ලෙස වීර්ය දක්වා ඇත. බුදු බව ලබා ගැනීමේ දී උන්වහන්සේ තුළ මේ වීර්ය පැවතිණි. ලෞකික අර්බුද සිඳබිඳ දමන්නට, ලෝතෝත්තර අර්බුදය සංසාර දුක නැති කරන්නටත් අප තුළ තිබිය යුතු ගුණයකි වීර්ය. සප්ත බෝධී අංග ධර්ම තුළ අවබෝධය ලැබීමට තිබිය යුතු ගුණය වීර්යයයි. උසස් වූ පෞරුෂයක් ලෞකිකව ලෝකෝතරව ලබන්නා වීර්ය වැඩිය යුතුයි. පාරමිතා ධර්ම අතර එක් පාරමිතාවක් ලෙස වීර්ය දක්වයි. එය පාරමිතාවක්, උප පාරමිතාවක්, පරමත්ථ පාරමිතාවක් ලෙස පූරණ පුද්ගලයා සසර දුක නැති කරයි. ආලවක සූත‍්‍රයේ දී ” කිංසු දුක්ඛං අච්චේති – දුක නැති කරන්නේ කෙසේ ද ”විරියෙන දුක්ඛං අච්චේති” වීර්ය තුළින් දුක නැති කළ හැකි බව දේශනා කරති.” කසීභාරද්වාජ සූත‍්‍රය තුළ දී ද වීර්යයේ අගය දක්වයි. ව්‍යඝ්ග පජ්ජ සූත‍්‍රය තුළ දී මෙලොව දියුණුව ස`දහා වීර්ය තිබිය යුතු බව දේශනා කරයි. අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයෙහි ව්‍යග්ග පජ්ජ සූත‍්‍රය තුළ දී වීර්ය විශේෂයෙන් දක්වති. ”උට්ඨානසම්පදා” උත්සාහයෙන් යමක් ඉපයීම මෙලොව දියුණුවට හේතුවන බව දක්වයි. එහි දක්වා ඇති අනෙක් කරුණු ද ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අනුගමනය කළ යුතු ගුණ වෙයි. ආරක්ඛ සම්පදා – උත්සාහයෙන් ඉපයූ දේ ආරක්ෂා කර ගැනීම, කළ්‍යාණ මිත්තතා- කළණ මිතුරන් ඇසුර, සම ජීවිකතා – අය වැය සම සමව පවත්වා ගැනීම ආදි ගුණයි. අංගුත්තර නිකායේ දීම උන්වහන්සේ උත්සාහයෙන් යමක් උපයාගෙන තිබීම ගිහි ජීවිතයේ සතුට බව දක්වයි. ” උට්ඨානවිරියාධිගතෙහි බාහා බල පරිචිතෙහි සේදා වක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්ම ලද්දේහි ” ධම්ම පදයේ දී ද උත්සාහයෙන් කටයුතු කිරීම සංවර්ධනයේ දී අනුගමනය කළ යුතු බව දක්වයි. පරාභව සූත‍්‍රය, සිඟාලෝවාද සූත‍්‍රය වැනි සූත‍්‍ර තුළ දී වීර්යයට ප‍්‍රති විරුද්ධ වූ කම්මැලිකම පරිහානියට හේතුවන බව දක්වයි. ථීන මිද්ධ නීවරණ ධර්මයක් ලෙස දක්වා තිබීම තුළ සිතෙහි කයෙහි අලසකම පැවතීම නිවනට ද බාධාවකි.

 අංගුත්තර නිකායෙහි ඡුත්ත නිපාතයේ දේවතා වර්ගයේ අත්තකාර සූත‍්‍රය තුළ දී වීර්ය යෙදිය යුතු ආකාරය දක්වයි. ආරම්භකධාතු – ආරම්භක වීර්ය තිබිය යුතු බව දක්වයි. යමක් ආරම්භ කිරීම පහසු නොවෙයි. කරුමය, වාසනාව අවාසනාව, කේන්දරය බැලීම, දෙවියන් සොයා යෑම විවිධ මිථ්‍යාවෙන් යුක්ත බැවින් ආරම්භ කිරීම අපහසු වෙයි. අප සියලූ දෙනා කාලගෝල න්‍යායේ අය වෙති. කාලගෝලය ගෙ`ගහි තීරුවේ සිට ගෙ`ගහි ගැඹුර හා මිනීකන කිඹුල්ලූන්, මෝරුන් දුටු අයෙකි. මේ අර්බුදය කදිම අවස්ථාවකි. අලූත් දේ නිර්මාණය කිරීමට යෝග්‍යම කාලයකි. තෙල් හා ගෑස්වලින් ලබා ගන්නා බලශක්තීන් වෙනුවට වෙනත් විකල්ප සොයා බැලීම, සූර්යාලෝකයෙන් දුවන වාහන, දැල්වෙන විදුලි පහන් ආදිය ගැන සොයන්නට සුදුසුම අවධියකි. ඩොලර් ගෙන්වා ගැනීමට අලූතින් අපනයන නිෂ්පාදනය කිරීම ද සුදුසු වෙයි. ආර්ම්භක වීර්ය පැවතිය ද එම වීර්ය තුළම එය පවත්වාගෙන යෑම අපහසුය. නික්කමධාතු යනු ආරම්භ කළ දේ තුළ අරමුණු ඉටුවනතුරු ඉදිරියටම යාමයි. යම් යම් ගැටලූ බාධා පැමිණෙයි. නමුත් උත්සාහය නතර නොවෙයි. සමහර විට අසාර්ථක වෙයි. වැරදි හදාගෙන ඉදිරියටම යා යුතුයි. තෝමස් අල්වා එඩිසන් බල්බය සොයා ගැනීම උත්සාහ කරද්දී නවසිය අනූනව වතාවක් අසාර්ථක විය. නමුත් දහස්වර දී සාර්ථක විය. එදා අසාර්ථක වීමේදී ඔහු තම කාර්ය අත හැරියේ නම් අද අපට බල්බයක් නැති වන්නට තිබිණ. පරක්කමධාතු යනු එන බාධක ගැටලූ මග හරවා ඉදිරියට යෑමේ වීර්යයි. ථාමධාතු නම් බලවත් වීර්යයි. ප‍්‍රතිඵලය ලැබෙන තුළ බලවත්ව ඒ වෙනුවෙන් කැපවීමයි. ඨිතිධාතු යනු තමා තුළ පවතින වීර්යෙහි ශක්තිය අඩු නොකර ගැනීමයි. උපක්කමධාතු යනු ප‍්‍රඥාවන්තම නව ක‍්‍රමවේද සොයමින් තම අරමුණ කරා යාමයි. රජයෙන් ලැබෙන සහනාධාර ගැන සිතුවා හො`දටම ප‍්‍රමාණවත් ය. පිට රටින් ආහාර හා වෙනත් භාණ්ඩ ගෙගෙනතුරු මුහුදට ඇස් දල්වා සිටියා හො`දටම ඇති දැන් අපි ආපසු හැරෙමු. කාගෙවත් පිහිට සරණ නොසොයමු. ” අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤ සරණා ” තමන්ට තමන් පහනක් වන්න තමන්ගේ ආලෝකය තමන් වන්න. ඒ ආලෝකය තුළින් අන් අයද බබළවමු. තමන්ට තමන්ගේ සරණ පමණයි. වෙන කිසිවෙකුගේ සරණක් නැත. එම නිසා උත්සාහයෙන් කටයුතු කොට අර්බුදය මග හැර ජීවිතයට ජයග‍්‍රහණය ලබා දෙමු.

අර්බුදයෙන් ගොඩඑන්න වැඩි වැඩියෙන් වීර්යය වඩමු



 * විල්ඔය පඤ්ඤාතිලක හිමි

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment