අර්බුදය විසඳන්න ආණ්ඩුවෙන් උත්තර දෙකක්- බන්දුල ගුණවර්ධන

580

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව ප‍්‍රධාන පියවර දෙකක් ක‍්‍රියාත්මක කිරීමට යන බව හිටපු ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) කීවේය.

ඒ අනුව එහි ප‍්‍රථම පියවර වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බවත් දෙවැන්න වත්මන් ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට හැකි මූල්‍ය විශේෂඥ දැනුම ඇති ජාත්‍යන්තර ආයතනයක් තෝරාගෙන එමගින් විශේෂඥ උපදෙස් ලබා ගැනීම බවත් හෙතෙම පැවසීය.

ඒ සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවද ඇමැතිවරයා කියා සිටියේය.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම`ග විශේෂ සාකච්ඡුා ආරම්භ කිරීමට ආණ්ඩුවේ කණ්ඩායමක් පිටත්ව යන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවැති කල්තැබීමේ විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම පැවසීය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment