අර්බුද ඉවරයි – සිනමාව දලුලයි – නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

360

සිනමා අධ්‍යක්ෂවරුන් ගේ සංසදයෙන් ආරාධනාවක්…
AURA සිනමාභිමාන 2023 හෙට ඇරඹේ

දැනට අවුරුදු කිහිපයකට පෙර සිට රටේ ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ කඩා වැටුණු ලාංකේය සිනමාව යළි නගාසිටුවීමේ අරමුණින් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය (DGSL) මගින් ශක්තිමත් ජවයකින් සහ නව මුහුණුවරකින් අරුණළු පුබුදුවමින් විකසිත වීම සුවහසක් චිත්‍රපට ලෝලීන්ගේ මනදොළ සැපිරීමට සමත් වෙනවා නොඅනුමානයි. ඇල්මැරී තිබූ සිනමාවට උත්තේජකයක් වෙමින් 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය ඔවුන්ගේ දහවන වර්ෂ පූර්ණය නිමිතිකොට ගෙන AURA ලංකා අනුග්‍රාහකත්වයෙන් ලාංකීය සිනමාව නැවත පුබුදුවාලමින් “AURA සිනමාභිමාන 2023” නමින් අධ්‍යක්ෂණය අවසන් වූවත් මෙතෙක් තිරගත නොවූ චිත්‍රපට නවයක් තෝරාගෙන එකට එකතු කර මාර්තු මස 13 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇතුළත දින 9 ක් පුරාවට සිනමා සැණකෙළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම සිනමාපට පෙන්වීමට දින ලබාදීම කුසපත් ඇදීමකින් සිදුකර ඇති අතර ඒ ඒ තුණ්ඩු ලැබුණු පිළිවෙළට කිසිදු අධ්‍යක්ෂකවරයෙකුට හෝ චිත්‍රපටයකට අසාධාරණයක් නොවන පරිදි තිරගත වීමට නියමිතය. එසේ කුසපත් ඇදීමෙන් ලැබුණු දිනයන් සහ චිත්‍රපට පිළිවෙලින් පහත සඳහන් දිනයන් තුළ දී දිවයිනේ පිහිටි තෝරාගත් සිනමා ශාලා 16 කදී තිරගත වේ.

අර්බුද ඉවරයි - සිනමාව දලුලයි - නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

මාර්තු 13 අධ්‍යක්ෂක චන්න පෙරේරාගේ “ සිහින අනන්තේ” චිත්‍රපටය, මාර්තු 14 අධ්‍යක්ෂක දේවින්ද කෝන්ගහගේ “ගිරිවැසිපුර” චිත්‍රපටය, මාර්තු 15 අධ්‍යක්ෂක සුරංග ද අල්විස්ගේ “ කිඩ්නැප්” චිත්‍රපටය, මාර්තු 16 අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගේ “ මිදුණු විශ්වය” චිත්‍රපටය, මාර්තු 20 අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ “ සිංහබාහු” චිත්‍රපටය, මාර්තු 21 අධ්‍යක්ෂක සුදේශ් වසන්ත පීරිස්ගේ “සීරුවෙන්” චිත්‍රපටය, මාර්තු 22 අධ්‍යක්ෂක ක්‍රිස් ඇන්තනීගේ “පාස්පෝට්” චිත්‍රපටය, මාර්තු 23 අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනගේ “’1970 love story’ චිත්‍රපටය සහ මාර්තු 24 අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරියගේ “ රිදී සීනූ”චිත්‍රපටය යන සිනමා නිර්මාණයන් කොළඹ CCC, වැල්ලවත්ත-සැවොයි ප්‍රිමියර්, කොළඹ-PVR මහනුවර- KCC‍්‍,කොල්ලුපිටිය -ලිබර්ටි, මාලඹේ – ස්කයිලයිට්, හෝමාගම – ලයිට් සිනමා, අවිස්සාවේල්ල- වොක්ස් ලයිට්, කිරිබත්ගොඩ -ලිබර්ටි, කුරුණෑගල – NTT, රත්නපුර-NIT, කෑගල්ල- මිලානෝ, මාතර-ස්කයි ලයිට් යන සිනමා ශාලාවන් තුළ දී ඒ ඒ නියමිත දිනයන් තුළ දී තිරගත වෙයි.

ඊට අමතරව අධ්‍යක්ෂකවරුන් ගේ සංගමය විසින් මාර්තු 17 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 60,70 සහ 80 දශකයේ සිටි ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වන තිස්ස ලියනසූරිය, සුගතපාල සෙනරත් යාපා, නීල් රූපසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න,ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, සේන සමරසිංහ, චන්ද්‍රන් රත්නම්, ආචාර්ය මාලනී ෆොන්සේකා, හේමසිරි සෙල්ලප්පෙරුම සහ ආචාර්ය සුමිත්‍රා පීරිස් යන ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් දසදෙනෙකු ඇගයීමට ද කටයුතු සැලසුම් කර ඇත.

ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන් ගේ සංසදයේ සභාපති ජයන්ත චන්ද්‍රසිරි සහ ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ඇතුළු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු “AURA සිනමාභිමාන 2023” චිත්‍රපට සැණකෙළියේ මාධ්‍ය හමුවට පැමිණි සිනමා අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු සහ රංගන ශිල්පීන්ගෙන් කිහිපදෙනෙකු අප වෙත මෙසේ අදහස් දැක්වූහ.

අර්බුද ඉවරයි - සිනමාව දලුලයි - නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

අලුත් සිංහබාහු කොහොමද කියලා බලමු – අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක,

ඇත්තටම ජැක්සන් ඇන්තනී සහෝදරයාගේ හදිසි අනතුර මම හිතන්නේ සිංහබාහු චිත්‍රපටයට විතරක් නෙවෙයි අපේ සකල සිනමා ක්ෂේත්‍රයටම, අපේ මුළු රටටම වෙච්ච අනතුරක් ලෙස තමයි මම සළකන්නේ. ඔහුගේ අනතුර නිසා මගේ රූගත කිරීම් මාස 4ක් විතර කරන්න ප්‍රමාද වුණා. මම බලාගෙන හිටියා ජැක්සන් සුවපත් වෙලා ඇවිල්ලා එහි ප්‍රධාන චරිතය වන සිංහයා ගේ චරිතය කරයි කියලා. නමුත් ඔහුගේ සුවපත් වීම ප්‍රමාද නිසා මට වෙන විකල්පයකට යන්න සිද්ධ වුණා. මම ඔහුගේම දෙටු පුතු අඛිල යොදාගෙන මෙම චිත්‍රපටයේ ඉදිරි වැඩකටයුතු අවසන් කළා. අකිල ඉතාම සාර්ථකව ඒ වගකීම “භාර අරගෙන ඒ කටයුත්ත කළා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ජැක්සන්ගේ දෙවැනි පුතු සජිත සිංහබාහුගේ චරිතයත්, දුෂේනි සිංහසීවලී ගේ චරිතය සහ යශෝදා විමලධර්ම සුප්පා දේවියගේ චරිතයට පණ පොවනවා. “සිංහබාහු” චිත්‍රපටය රූගත කරායින් පසුව මම හිතනවා එක්තරා විදියක මතභේදයක් වෙයි කියලා. මොකද අපි අහලා තියෙන අපිට හුරුපුරුදු සිංහබාහු කතාව නෙවෙයි මෙම සිංහබාහු චිත්‍රපටයේ අන්තර්ගතය වන්නේ. සිංහබාහු තිරගත වුණ දවසට “අලුත් සිංහබාහු” කොහොමද කියලා අපි බලමු.

අර්බුද ඉවරයි - සිනමාව දලුලයි - නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

“මිදුණු විශ්වය” වෙනස්ම අත්දැකීමක් – අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි

“මිදුණු විශ්වය” චිත්‍රපටය ඇක්ටින් ඇකඩමියක් කරමින් කිසියම් ආකාරයක, වෙනස්ම ආකාරයකට කරපු සිනමා කෘතියක් කියලා මට කියන්න පුළුවන්. එය මම නිර්මාණය කළ චිත්‍රපට අතර බැලුවොත් වෙනස්ම නිර්මාණයක් වෙනවා සහ අනික් පැත්තෙන් මම දන්න විදියට මෙබඳු ප්‍රස්තුතයක් ඉතාම විරලයි. අපි දන්නවා සාමාන්‍යයෙන් සංගීත කලාව, නර්තන කලාව, සටන් කලාව මේවා පදනම් කරගෙන හැදිච්ච සිනමාපට තියෙනවා. හැබැයි මටවත් තවම දකින්න ලැබිලා නැහැ රූපණය (රඟපෑම) කියන විෂය පදනම් කර ගෙන රඟපෑම උගන්වන පාඨශාලාවක සිදු වූ කතා පුවතක් පදනම් කරගෙන හදන චිත්‍රපටයක්. ඉතිං මිදුණු විශ්වය චිත්‍රපටයට පදනම් වෙන්නේ ඇත්තටම රූපණය කියන විෂයට විද්‍යාත්මකව රූපණය හැදෑරීම කියන කාරණාව තමයි මගේ චිත්‍රපටයේ මූලික තේමාව වශයෙන් තියෙන්නේ. ඉතින් මම කලින් සඳහන් කළ විදියට මම හිතෙනවා ප්‍රේක්ෂකයන්ට මෙය වෙනස්ම ආරයක සිනමා අත්දැකීමක් වෙයි කියලා.

ලොක් ඩවුන් තෙල් පෝලිම් අස්සේ හදපු “සිහින අනන්තේ” – අධ්‍යක්ෂක චන්න පෙරේරා,

“සිහින අනන්තේ චිත්‍රපටය මගේ පස්වන අධ්‍යක්ෂණයයි. මේ චිත්‍රපටය කරන්න මට අවුරුදු දෙකක වගේ කාලයක් ගත වුණා. ඒකට හේතුව තමයි කදජන ාදඅබ කාලය සහ ඩීසල් හිඟය වැනි ප්‍රශ්න රාශියක් මැද්දෙ කරපු චිත්‍රපටයක් තමයි “සිහින අනන්තේ” කියන්නේ. ඒත් මම විශ්වාස කරනවා එහි මාගේ සහ මාගේ ශිල්පීන්ගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් මේ උණු උණු චිත්‍රපටයත් මේ සිනමා උළෙලේදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවන්.

අර්බුද ඉවරයි - සිනමාව දලුලයි - නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

මම ඉන්න චිත්‍රපට හතරක් තියෙනවා – රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා,

ඇත්තටම හිතට සතුටුයි. අපි අලුතෙන් යමක් කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. මේකේ දියුණුවක් ලබන්න නම් අපිට කොතැනකින් හරි පටන් ගැන්මක් අවශ්‍ය වෙනවා. ඉතින් අධ්‍යක්ෂකවරුන් ගේ සංසදය විසින් සංවිධානය කරන සිනමාභිමාන චිත්‍රපට සැණකෙළිය සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මම සම්බන්ධ වන චිත්‍රපටත් 4ක් තියෙනවා.

රංගන ශිල්පී හේමාල් රණසිංහ
අරුණ ජයවර්ධනගේ 1970 love story චිත්‍රපටය අපි රූගත කරද්දී මේ චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසුණු විශාල කණ්ඩායමක් අපිත් එක්ක හිටියා. චිත්‍රපටයක් කියන්නෙම කණ්ඩායම් හැඟීමෙන් ඉදිරියට එන්න ඕන කර්තව්‍යයක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා මේ මොහොතේදී 1970 චිත්‍රපටයට සම්බන්ධ වූ සියලුම කාර්මික ශිල්පීන්, රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරයා සහ නිශ්පාදකවරයා, මේ සියලුම දෙනාව මම මේ මොහොතේදී සිහිපත් කරනවා. 1970 කදඩැ ිඑදරහ කියන්නේ එක චිත්‍රපටයක් ඇතුලෙ චිත්‍රපට දෙකක් රූගත කෙරෙන චිත්‍රපටයක්. ඉතින් මම විශ්වාස කරනව, අපි පසු කරගෙන ආපු ඊරාස්වලදී 1970 කියන්නේ ලෝකයේ සංගීතය සහ ෆැෂන් කියන දෙක ඉහළින්ම තිබුණු යුගයක්. ඉතින් ඒ යුගය ප්‍රතිනිර්මාණය කරන්න අපිට ලැබීමම බොහොම සන්තෝෂයෙන් සහ ඒක මට බොහෝම භාග්‍යයක් ලෙස මම සලකනවා.

අර්බුද ඉවරයි - සිනමාව දලුලයි - නොබලපු චිත්‍රපට නමයක් බලන්න එන්න

මේ වැඩේ හරිම කාලෝචිතයි – රංගන ශිල්පී බුද්ධික ජයරත්න

අපේ සමහර චිත්‍රපටවල වැඩ අවසන් කරලා අවුරුද්දක් එකහමාරක් විතර වෙනවා. කොවිඩ් වසංගත වැනි දේවල් නිසා චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ප්‍රමාද වුණා. ප්‍රේක්ෂකයන් චිත්‍රපට ශාලාවට එන්න බියවුණා. නමුත් මේ වෙනකොට ඒ සියල්ල අවසන්. ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය කරන මේ වැඩේ හරිම කාලෝචිතයි. මෙවැනි වූ උත්සවශ්‍රීයක් අවශ්‍යයි සිනමාවට. බොහෝ කලක් තිස්සේ මේ අවශ්‍යතාවය තිබුණා. ඒ අයගේ හිත යොමුවෙලා තියෙනවා ඒ වෙනුවෙන්. මමත් රංගනයෙන් දායක වන චිත්‍රපට තුනක් තියෙනවා. මිදුණු විශ්වය, කිඩ්නැප් සහ සීරුවෙන් කියන චිත්‍රපට. මම ආරාධනා කරනවා මෙතන තියෙන සියලුම චිත්‍රපට බලන්න කියලා. මේ චිත්‍රපට බලන පිරිස සහ ඒ උද්දීපනය තමන්ගේ ගම් දනව්වල හදලා දෙන්න සහ සිනමාව වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට කළ හැකිව තියෙන සහ මේ වෙලාවේ කළ යුතුම කාර්යභාරය එයයි. අපි අපේ සිනමාව ගොඩගමු කියල මම ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරනවා.

මෙම විශිෂ්ට ගණයේ සිනමාපට නවය නැරඹීමට අවස්ථාව ලැබීම ආදරණීය ප්‍රේක්ෂකයන්ට බොහෝ කලකින් ලැබුණු මහඟු අවස්ථාවක් වන බැවින් එය මඟ නොහැර රසවින්දනය කරන අතර ලාංකේය සිනමා කලාව යළි නගාසිටුවීමටද අත්වැලක් වන්න කියා අප ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment