අර්බුද විසඳන්න බැරි නම් ආණ්ඩුව යන්න – ඇල්ලේ හිමියෝ කියති

267

රටේ පවතින සියලූ අර්බුදයන්ට පිළිතුරු ලබාදිය නොහැකි නම් පාර්ලිමේන්තුවේ පල රහිත වාද විවාද කරමින් නොසිට ජනතා හඬට ඇහුම් කන්දී ඉවත්ව යෑමට ජනපති ප‍්‍රමුඛ රජය කටයුතු කළ යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසූහ.

ජනතා පරමාධිපත්‍යයේ අයිතිය පූර්ණ ලෙස රජයට සහ ජනපතිවරයාට ලබාදී ඇති මොහොතක එය නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමෙන් වත්මන් අර්බුදය උග‍්‍ර වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද සඳහන් කළහ.

ජනතාවගේ ආහාර, ඉන්ධන, ඖෂධ, ගෑස් ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලීමට මේ රජය අද අසමත්. කවදාවත් ‘ස්ට‍්‍රයික්’ නොකර අපිට බත සපයා දුන් ගොවියාටත් මේ රජය පහර දුන්නා. තමන්ගේ බලය සහ ආරක්ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කල් මැරීම අපට අනුමත කරන්න බැහැ. මහ පොළවේ අරගල කරන ජනතා හඬ වටහා ගැනීමට මේ රජය කි‍්‍රයා නොකිරීම පවතින තත්ත්වය තීව‍්‍ර කරවන්නක්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment