අර්බුද හමුවේ සිනමාව හොල්ලන්න හදන Second Show

350

ජුනි අග රිදී තිරයේ වියදම ලක්‍ෂ අටසීයයි

දමිළ පිටපත යාපනේ සිංහල පිටපත දකුණේ

සම නිෂ්පාදිකා කෞෂල්‍යා වික්‍රමසිංහ මීවිතට කතා කරයි

අර්බුද හමුවේ සිනමාව හොල්ලන්න හදන Second Show

‘ඩාර්ක් රූම් ප්‍රියේෂන්ස්’ වෙනුවෙන් කෞෂල්‍යා වික්‍රමසිංහ ප්‍රථම වරට සම නිෂ්පාදනයෙන් දායක වූ ගනේෂ් මහදේවන් නිෂ්පාදනය කළ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂ ඒ. ටී. ඥානම් අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ඉන්දු-ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් වූ ‘සෙකන්ඩ් ෂෝ’ Second Show චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. මෙම සිනමා පටය එළැඹෙන ජුනි මාසයේදී ලොව පුරා දමිළ භාෂාවෙන්ද ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන්ද තිරගත කිරීමට මේ වන විට සියල්ල සූදානම් කර ඇත. ජාත්‍යන්තරය ජයගැනීමට Second Show සිනමා නිර්මාණයට හැකිවේවිද යන්න එහි සම නිෂ්පාදිකා කෞෂල්‍යා වික්‍රමසිංහ සමග අපි පිළිසඳරක යෙදුණා. පහතින් පෙළගැසෙන්නේ ඇය අපත් සමග කළ කතාබහය.

සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයේ වැඩ පටන් අරගෙන දැන් අවුරුදු හතරකට කිට්ටු වෙනවා. මේක ද්වී භාෂා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ සිංහල වගේම දමිළ පිටපතකුත් තියෙනවා. භාෂා දෙකකින් කරපු නිසා හේමාල්ට දමිල පිටපත කියවන්නත් ඒ වගේම ඉන්දීය නළු නිළියන්ට සිංහල පිටපත කියවන්නත් සුදුසු විදිහට පිටපත නිර්මාණය කර ගැනීමට සෑහෙන කාලයක් ගත වුණා.

2019 ඔක්තෝබර් මාසයේ තමයි රූගත කිරීම් ආරම්භ කළේ. රූගත කිරීම් සිදු කළේ එංගලන්තයේ බර්මින්හැම් නුවර. රූගත කිරීමට දවස් 35 ක වගේ කාලයක් ගත වුණා. මෙහි ප්‍රධාන චරිතයට ලංකාවෙන් හේමාල් රණසිංහ රඟපානවා. ඒ වගේම ලංකාවේ තාක්‍ෂණ ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් මේ නිර්මාණයට දායක වුණා. මෙහි ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා ඉන්දියාවේ ඒ. ටී. ඥානම්. සම අධ්‍යක්‍ෂ ලංකවේ විවේක් ප්‍රනාන්දු. ඔහු දමිළ ජාතිකයෙක්. මේ චිත්‍රපටයේ ලංකාවේ තිර නාටකය ලියන්නේ තිසර ඉඹුලාන. ඉන්දියාවේ තිර නාටකය ලියන්නේ අධ්‍යක්‍ෂවරයාමයි. කැමරා ශිල්පියා ඉන්දියාවේ. සංගීතය ආචාර්ය එල්. සුබ්‍රමනියම්ගේ පුත් ආචාර්ය අම්බි සුබ්‍රමනියම්. ඊට අමතරව ලංකාවේත් සංගීතඥයෙක් සිටිනවා ඔහුගේ පළමු චිත්‍රපටය. නමින් ෂැනීමා වේල්.

අර්බුද හමුවේ සිනමාව හොල්ලන්න හදන Second Show

ඔහු තමයි උරේෂාගෙයි කසුන්ගෙයි ගීතය නිර්මාණය කරන්නේ. ඔහු ත්‍රිකුණාමලයේ ජීවත්වන තරුණයෙක්.

මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ මගේ නැසීගිය සහෝදරයා සමන් වීරමන්. මම සමන් වීරමන්ගේ සහෝදරිය. මේ චිත්‍රපටයේ ඔහු විධායක සම්බන්ධීකාරවරයකු විදිහට කටයුතු කළා.

සෙකන්ඩ් ෂෝ රහස් පරීක්‍ෂක කතාවක්. එංගලන්තයේදී සිදුවන අභිරහස් මරණයක් වටා තමයි මෙහි කතාව නිර්මාණය වෙන්නේ. මේ චිත්‍රපටයේ හේමාල් රණසිංහ ද්විත්ව චරිතයක් රඟපානවා. එක පැත්තකින් සාධාරණ චරිතයක් වගේම අනෙක් පැත්තෙන් අසාධාරණ චරිතයක් මෙහි රඟපානවා.

මේ චිත්‍රපටයේ නිෂ්පාදනය ගැන කතා කළොත් මහදේවන් ගනේෂ් තමයි නිෂ්පාදකවරයා විදිහට කටයුතු කරන්නේ. 1989 ජී. වී. ෆිල්ම්ස් කියන ආයතනය ආරම්භ කළේ ජී. වෙන්කටේස් විසින්. ඔහු මනිරත්නම්ගේ සහෝදරයා. මනිරත්නම් සර්ගේ මල්ලිගේ ආයතනයේ නිර්මාතෘවරයා තමයි මගේ ස්වාමියා. ඔහු මේ චිත්‍රපටයේ නිෂ්පාදක. ඔහු චිත්‍රපට එකසිය ගණනාවක් නිෂ්පාදනය කරලා තියෙනවා.

ලංකාවේ චිත්‍රපටයකට ඔහු උරදෙන්න මූලිකම හේතුව වුණේ මම. චිත්‍රපට ක්‍ෂේත්‍රයේ මේ මගේ ගත වෙන්නේ දහඅට වැනි අවුරුද්ද. මම චිත්‍රපට හුඟාක් ලංකාවට ආනයනය කළා. මේ නිෂ්පාදකවරයා මට හමුවන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේදී. ඔහු මගෙන් අහනවා අපි ද්වි භාෂා චිත්‍රපටයක් කරමුද කියලා. ඔයා ලංකාව බලාගන්න. මම ඉන්දියාව බලා ගන්නම් කියලා ඒ වෙලාවේ කිව්වා. ඔය විදිහට තමයි මේ නිර්මාණය සිදුකරන්න මූලික අඩිතාලම වැටෙන්නේ.

මේ චිත්‍රපටයේ හේමාල් දමිළ සිංහල භාෂා ද්විත්වයේම රඟපානවා. ඇත්තටම මේ චිත්‍රපටය ජුනි මාසයේ අන්තිම තිරගත කරන්න සූදානම් වෙනවා. මේ චිත්‍රපටයේ දමිළ භාෂා චිත්‍රපටය ලෝකයේ රටවල් සිය ගණනාවක එකවර තිරගත වෙනවා. ලෝකයේ රටවල් එකසිය ගණනාවක හේමාල්ගේ දමිළ චරිතය තිරගත වෙනවා. සිංහල චිත්‍රපටය විතරයි ලංකාවේ තිරගත කිරීම් සිදුකරන්නේ. දමිළ කොපියක් ලංකාවේ තිරගත කරනවා දකුණු ඉන්දියාවට යන පළමු සිංහල නළුවා හේමාල්. කිසිම විරෝධතාවයක් දැක්වූයේ නැහැ. මේ සාකච්ඡාවට දින තුනකට කලින් අපි පෝස්ටර් එක නිකුත් කළා. ඒ වෙලාවේ අපි හිතුවා ගල්මුල් වාදී කියලා. කිසිම දෙයක් අන්තිමේ සිද්ධ වුණේ නැහැ. මම දකුණු ඉන්දියාවට ගිහින් නිෂ්පාදක සංසදයත් සමග සාකච්ඡාවක් සිදුකළා. අන්තිමේ ඔවුන් අවසර දුන්නා හේමාල්ට විරුද්ධ පාර්ශ්වය රඟපාන්නේ මලයාලම් නළුවෙක් වන අජ්මාල් අමීර්. මලයාලම් නළුවාට වඩා හේමාල්ට ප්‍රතිචාර ලැබෙනවා දැනටමත්. ඊට අමතරව මෙහි පල්ලවි සුභාෂ්, අක්‍ෂතා සොනාවි කියලා බොම්බේ රංගන ශිල්පියෙක් පූජා මොන්ඩල් ඊෂා චබදු, අජ්මල් අමීර් තමයි අනෙක් නළු නිළි පිරිස. ලංකාවෙයි ඉන්දියාවේ තමිල්නාඩුවෙයි එකවර තමයි මේ චිත්‍රපටය තිරගත කිරීම් සිදුකරන්නේ.

මෙහිදී මට හේමාල් ගැන කතා කරන්නම වෙනවා. හේමාල් පළමු වතාවට එක දර්ශන තලයේ භාෂා දෙකක් කතා කරනවා. ඔහු දෙමළත් කතා කරනවා. සිංහලත් කතා කරනවා. මගේ ජීවිතයේ මම දැකපු ඩෙඩිකේටඩ්ම නළුවා හේමාල්. වෙලාවට වැඩ කරන හොඳම නළුවෙක්. ඊළඟ චිත්‍රපටයට අපි හේමාල් එක්ක ලෑස්ති වෙනවා. අපි මේ චිත්‍රපටය රූගත කළේ හිම වැටෙන කලයේ. පල්ලවි පොඩ්ඩක් අසනීපත් වුණා. අසනීප වුණාට පොඩ්ඩක් ඇදගෙන ගියා. හේමාල්ගේ චරිතය විශේෂයෙන් කැපී පෙනෙනවා.

මේ චිත්‍රපටය සිනමාහල්වලින් අගෝස්තුවලදී ගැළවෙනවා. ඊට පස්සේ නෙට්ෆිලික්ස් (Netflix)එකට ආවා. අපිට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ලක්‍ෂ අටසයයක් වගේ මුදලක් වැයවුණා. සිංහලයි දෙමළයි අපි එක දර්ශන තලයේ රූගත කිරීම් සිදුකළා. ඊට අමතරව අපි මේ චිත්‍රපටය මලයාලම්, කන්නඩ, තෙළිඟු, හින්දු යන භාෂාවලට හඬ කැවීම් සිදුකළා.

මට හිතෙනවා සිංහල සිනමාව ඉදිරියට ගෙනියන්න විශේෂයෙන් අපේ නළු නිළියන්ට පාරක් කැපෙන තවද අපේ තාක්‍ෂණ ශිල්පීන්ට කසුන් කල්හාර, උරේෂා වගේ අයට මෙතැනින් ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ලොකු තෝතැන්නක් නිර්මාණය වේවි කියලා. මේක ආරම්භයක් විතරයි. මම ඊළඟට සැලසුම් කරගෙන යනවා හින්දි, සිංහල චිත්‍රපටයක් කරන්න. ඒකත් හේමාල් එක්ක. මේ දිනවල ඒකට අවශ්‍ය පිටපත සකස් කරගෙන යනවා. මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ චිත්‍රපටය තිරගත වේවි කියලා. මේ දවස්වල ලංකාවේ විජයගෙ චිත්‍රපටයක් අති සාර්ථකව තිරගත වෙනවා. මට ඊඒපී සමාගම කිව්වා රිලීස් එකට ලෑස්ති වෙන්න කියලා. මම කිව්වා හරි මම ලෑස්තියි කියලා. අපි මේ චිත්‍රපටය අඩුම තරමේ ලංකාවේ සිනමාහල් 60 ක විතර ප්‍රදර්ශනය කරන්න හිතාගෙන ඉන්නවා. දමිළ සිනමාහල් තිහක විතර තිරගත කරන්නත් අදහසක් තියෙනවා. දමිල පිටපත යාපනයටත් සිංහල පිටපත කොළඹ මාතරටත් තිරගත කරනවා.

මට මේ වැඩේ කරගෙන යන්න මගේ අම්මා තාත්තා ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒත් එක්කම අග්‍රහැර කස්සප හාමුදුරුවෝ, නැසීගිය සමන් වීරමන්, චන්ද්‍රන් රත්නම්, නවීන් ගුණරත්න යන පිරිස මතක් කරන්නම ඕනෑ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment