අර්බූදය හමුවේ – ආසියානු කුසලාන සත්කාරකත්වයත් ශ්‍රී ලංකාවෙන් ඈතට!

338

ලබන අගෝස්තු මස සිට පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය මේ වනවිට රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට නොලැබී යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

රට තුළ මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදයන් හමුවේ මෙම අවදානම උද්ගතව ඇති අතර තවදුරටත් මේ පවතින තත්ත්වය පැවතියහොත් ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට සංක්‍රමණය වීම වැළැක්විය නොහැකිවනු ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා රටවල් 6ක සහභාගිත්වයෙන් පන්දුවාර 20 -20 තරගාවලියක් ලෙස 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියර ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොවිඩ් අවදානම හේතුවෙන් 2020 ජූලි මාසයේ සිට එම වසරේ සැප්තැම්බර් දක්වා කල්තැබිණි. අනතුරුව නැවත එය 2021 ජුනි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කෙරිණි. කොවිඩ් අවදානම හේතුවෙන් තෙවැනි වරටත් කල් යෑමෙන් පසුව 2022 වසරේ පකිස්තානයේදී තරගාවලිය පැවැත්වීමට සංවිධානය කෙරිණි. එහෙත් 2021 වසරේ ඔක්තෝබර් මාසයේදී එළැඹුණු තීරණය මත මෙම තරගාවලිය මේ වසරේ අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසාන තීරණය කෙරිණි.

2023 වසරේ මෙම තරගාවලිය පකිස්තානයේ පැවැත්වීමට නියමිත අතර එහි වත්මන් ශූරයින් වන්නේ ඉන්දියාවයි.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment