අර්බූද හමුවේ බලාපොරොත්තු වන විසඳුම්

151

ලංකාව තුළ මේ වනවිට ඇති වී තිබෙන අර්බුදයන් සාධාරණ සත්‍යයකි. එනමුත් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ මේ අර්බුදය මැඬපවත්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයන් ගැනීමයි. මේ අවස්ථාව ප්‍රචණ්ඩකාරී, භීෂණකාරී රතු රුධිරය දැකීම එකම පරමාර්ථය කර ගත්තොතින් කෙදිනකවත් අද අත්වී තිබෙන අර්බුදයන්ට විසඳුම් සෙවීමට නොහැකි වේ

 සුන්දර රට කියන කතාව සිරිලක අපේ යන හැඟීමට හානි සිදු කිරීමට එරෙහිව විශාල ජන ගංගාවක් අද එක් වී සිටිනවා ලංකාවේ සිවු දෙසින් ජාති බේද කුල ආගම් නොතකා මේ යන්නේ කොයි පාරේ ද..? අද වන විට මේ සම්බන්ධයෙන් විශාල මතගැටුමක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා. මෙවැනි මොහොතක ලාංකීය ජනතාවට අත්‍යවශ්‍ය වන්නේ පවතින අර්බුදයන්ට විසඳුම් ද එසේත් නැතිනම් මේ පවතින අර්බුදයට හේතු වූවන්ද. ඉතිහාසය පුරාවට විවිධ අර්බුදයන් හමුවේ විවිධ ආකාරයේ උද්ඝෝෂණ මිනිසුන් විසින් සිදු කෙරුවා. ඒ තමන්ට දැනෙන හැඟීම තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ට අත්‍යවශ්‍ය දේවල් ඈත් කිරීම නිසා ය.

 එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තමන්ගේ ඉල්ලීම් ප්‍රශ්න වෙනුවෙන් පාරට බහින විට කීයෙන් කී දෙනෙක් ද ඒ වෙනුවෙන් ධනවාදී හැඟීමෙන් බැලුවේ. ඒ ප්‍රශ්නය තමන්ගේ වෙන තෙක් එය නොදැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. සැබෑවට ම එදා රූපවාහිනි මාධ්‍ය පුවත්පත් තුළ මෙම දසුන් දකින විට නිවසේ සිටින මිනිසුන් සහ සමාජය ඒ දෙස බැලුවේ වපර ඇසිනි. සිතන්න මදක් මේ මහා සංස්කෘතිය තුළ පවතින එක් උප සංස්කෘතියක් පමණි. අද වන විට මේ මහා සමාජයටම පොදුවේ ඉතා විශාල ප්‍රශ්න අර්බුදවෙලට මුහුණදීමට සිදුවී තිබෙනවා. මේ නිසාවෙන් අද දවසේ ප්‍රධාන වශයෙන් ගෑස්, ඉන්ධන, විදුලිය, කිරිපිටි මේ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල ඉහළ යෑම සහ එහි හිඟය මිනිසුන්ට අද බලපා තිබෙනවා. එමෙන්ම ඩොලරයේ මිල දිනෙන් දින ඉහළ යෑම යනාදී ගැටලු රාශියක් අද වනවිට මේ සමාජය තුළින් පැන නැඟී හමාරයි.

 එදා සරසවි සිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඔවුන් උද්ඝෝෂණ කළා. එවිටත් සිදු කළේ මේ ලෙසින්ම ඔවුන්ව පිළිගත්ත එකම තමයි. අද මහජනතාවට කිසිදු වෙනසක් නොකර සාමකාමීව සිදුකරන උද්ඝෝෂණවලට ප්‍රචණ්ඩකාරී ගිනි ඇවිලීම අතිශය භයානක ලෙස සිදුවන බවක් ජනමාධ්‍ය තුළින් සමාජය තුළින් නිරන්තර දකින්නට අසන්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මෙවැනි සිදුවීම් අත්‍යවශද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ ජනතාව වෙනුවෙන් පාලකයන් සිය කාර්යභාරය ඉටු කිරීමයි වැදගත් වන්නේ. මීට පෙර එය සිදුවූවා නම් අද දිනයේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මෙලෙස මහාමාර්ගයට සිය දුක්ගන්නාවන් පවසමින් කුඩා දරුවන් පවා රැගෙන මෙම උද්ඝෝෂණවලට සම්බන්ධ නො වන්නට ඉඩකඩ තිබුණා. කෙසේ වෙතත් මේ වන විට අත්‍යවශ්‍ය වී පවතින්නේ මේ සියලු අර්බුදයන්ට සාර්ථක විසඳුම් ය.

 මිනිසුන් මෙලොව උපත ලැබීම සහ සතුටින් ජීවත් වීම අත්‍යවශ්‍යම කරණාවක්. ඔබ මම කවුරුන් වෙතත් නිරන්තරව උත්සාහ දරන්නේ සුවපහසු සන්තුට්ඨියෙන් ගත කළ හැකි ජීවිතයක් ය. නමුත් වර්තමානය වන විට ඉතා දරුණු covid-19 වසංගත රෝගයට මුහුණදීමට ශ්‍රී ලංකාව මෙන්ම මුළු මහත් ලෝකයටම සිදුවූවා. මේ නිසා විවිධ රටවල් අද වන විට ආර්ථික සමාජ දේශපාලන අතින් කඩා වැටෙමින් පවතිනවා. නමුත් ඒවා රඳවා තබා ගැනීම සහ ඒවා පවත්වාගෙන යෑම ඇත්තේ ඒ ඒ රටවල පාලකයන් අතේය. පාලකයන් ජනතාව වෙනුවෙන් සිටින තාක්කල් තම රටේ ජනතාවට කුසගින්නේ මියයෑමට ඉඩ නොතබයි.

 පින්ලන්තය යනු ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින රටයි. ඔවුන්ගේ අධ්‍යාපනය දේශපාලන සමාජ ආර්ථික මේ සෑම අංශයකම සතුටින් නිදහසේ කල් ගෙවීමෙන් ඔවුන්ට ක්‍රියාකිරීමට අවස්ථාව එම රට තුළ සලසා දී තිබේ. මේ නිසා පින්ලන්තයේ ජීවත් වන මිනිසුන් ඉතාම සතුටින් ජීවත් වෙනවා. උදාහරණයක් ලෙස පින්ලන්තයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විමසා බැලීමේදී එහිදී දරුවාට කැමති විෂය පථයක් ඔස්සේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙය ඉතාමත් වැදගත් වන කරුණකි. රැකියා ක්ෂේත්‍රයක වුණත් නිරත වන විට බිරිඳ දරුවකු ප්‍රසූත කළ විට තම ස්වාමියාට ද

 රැකියා ස්ථානයෙන් නිවාඩු ලබා දීම පින්ලන්තය තුළ දැකගත හැකිය. මෙය සංවර්ධිත රටවල් තුළ හඳුනාගත හැකි ප්‍රබල ලක්ෂණයකි. මේ නිසාවෙන් ඒ රටවල් තුළ විශාල අර්බුද ඇති නොවේ. ඔබ සිතනවා ද ශ්‍රී ලංකාව මේ වන විටත් සංවර්ධනය අතින් අර්බුද අතින් බිංදුවටම අන්තයටම ගිය රටක් ලෙස. එලෙස සිතීම යි අප තුළ තිබෙන එකම වැරදි සිතුවිල්ල. එය සෘණාත්මක චින්තනයේ එක් ලක්ෂණයකි. ලංකාව තුළ මේ වනවිට ඇති වී තිබෙන අර්බුදයන් සාධාරණ සත්‍යයකි. එනමුත් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ මේ අර්බුදය මැඬපවත්වා ගැනීම සඳහා සුදුසු

 ක්‍රියාමාර්ගයන් ගැනීමයි. මේ අවස්ථාව ප්‍රචණ්ඩකාරී, භීෂණකාරී රතු රුධිරය දැකීම එකම පරමාර්ථය කර ගත්තොතින් කෙදිනකවත් අද අත්වී තිබෙන අර්බුදයන්ට විසඳුම් සෙවීමට නොහැකි වේ. මේ නිසා වර්තමානය වන විට උද්ගතව පවතින අර්බුදයන්ට නිසි පිළියම් හැකි ඉක්මනින් සැලැස්වීමයි අද දවසේ ජනතාවට අත්‍යවශ්‍ය වන්නේ.

වයි. බී. තිළිණි නිසංසලා
 කැලණිය විශ්වවිද්‍යාලය.

සංස්කරණය වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment