අරාබි එමීර් රාජ්‍ය හමුවේ  – ශ්‍රී ලංකාවට ලකුණු 11ක ජයක්

217

බංග්ලාදේශයේදී ක්‍රියාත්මක ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලද පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02 වැනිදා) සමත්විය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලකුණු 11ක පරාජයකට ඇද දමමිනි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 109ක ලකුණු පුවරුවක් නිර්මාණය කළාය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිමේ 4 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පන්දු වාර 11කට සීමා කෙරණු අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 66ක අභියෝගයක් හිමිවිය. ඒ අනුව ලකුණු හඹාගිය එක්සත් අරාබි එමීර් ඉනිම පන්දු වාර 11කදී කඩුලු 7ක් දැවී මුළු ලකුණු 54කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් හර්ෂිතා වික්‍රමසිංහ ලකුණු 37ක් සහ අනුෂ්කා සංජීවනී නොදැවී 17 ක්ද, පන්දු යැවීමේදී ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිඳ දැමීය.

 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය පෙරේදා (01 වැනිදා) ඉන්දීය කණ්ඩායම සමගින් පැවැති අතර එහිදී ලකුණු 41ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment