අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා වැලි කැපීමේ ජාවාරමක්

128

ත්‍රිකුණාමලය, පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා පරිමාණයෙන් සිදු කළ වැලි කැණීමක් සම්බන්ධයෙන් පෙරේදා (03දා) පරීක්ෂණයක් ආරම්භ කළ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි.

එම කාර්යාංශයේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු කේ. විග්නේෂ මුර්ති මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් වැටලීම සිදු කරද්දී කිසිවෙකුත් නොසිටි අතර එහි තිබූ ස්කැවේටර් දෙකක් අත්අඩංගුවට ගෙන පුල්මුඩේ පොලිසියට භාරදීමට කටයුතු කෙරිණි.

කැණීම් ඉංජිනේරු කේ. විග්නේෂ මුර්ති මහතා පවසන්නේ තම කාර්යාංශයේ නිසි අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව

සමාගමක් විසින් මෙම වැලි කැණීම් සිදුකර ඇති බවත් සිදු වී ඇති හානිය අනුව සතියක් තුළ වැලි ටොන් 35000 ක් ඉවත් කර ඇති බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හඳුනාගෙන නොමැති අතර එයට සම්බන්ධ සමාගමට විරුද්ධව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගේ පැමිණිලි අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment