අලව්වේ දෙමහල් නිවසක පිපිරීමක් – නිවසටත් දැඩි හානි කාන්තාවන් දෙදෙනෙකුට තුවාල

699

අලව්ව පංගොල්ල ප‍්‍රදේශයේ නිවසක ඊයේ(15දා) උදෑසන 8.30ට පමණ ඇති වූ පිපිරීමකින් නිවසට දැඩි අලාභ හානි සිදු වී පිපිරීමෙන් තුවාල සහ ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන් එහි වාසය කළ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බෝයවලාන පොලිසිය කියයි.

අලව්වේ දෙමහල්  නිවසක පිපිරීමක් - නිවසටත් දැඩි හානි කාන්තාවන් දෙදෙනෙකුට තුවාල


පිපිරීම ඇති වූ නිවස දෙමහල් නිවසක් වන අතර එහි උඩු මහලේ එම පිපිරුම සිදු වී ඇත.සිද්ධියෙන් නිවසට සහ එහි ගෘහභාණ්ඩවලට දැඩි අලාභ හානි සිදුවී ඇත. මෙම නිවසේ හිමිකරු කලකට පෙර ගල් වලක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි භාවිතයට ගෙන ඉතිරිව පැවැති වෙඩිබෙහෙත් ඇසුරුමක් හා පිපිරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක ඇති වූ තෙරපුමක් හේතුවෙන් මෙම පිපිරුම සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි. පිපිරීම සිදු වන විට එහි හිමිකරු නිවසේ රැුඳී නොසිට ඇති අතර තුවාල ලත් කාන්තාවන් දෙදෙනා දානයක් සකස් කරමින් එහි මුළුතැන් ගෙයෙහි සිට ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා අලව්ව ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. මෙම සිදුවීම සසම්බන්ධයෙන් බෝයවලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.ඒ.ඞී.සී. පේ‍්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

බෝයවලාන – ජයන්ත කුමාර දිසානායක , මහරච්චිමුල්ල සිසිර සරත් අබේකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment