අල්කයිඩාවට උදව් කරන ලාංකික ව්‍යාපාරිකයා තවමත් නිදැල්ලේ

168

අල්කයිඩා සංවිධානයට මුදල් ආධාර සැපයූ බවට ඇමෙරිකාව චෝදනා කර ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ලක් රජයේ නීති අංශවලට මෙතෙක් හැකි වී නැතැයි වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයා පිළිබඳව මුලින්ම දැනගෙන ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. බේරුවල චීනවරායේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා අල්කයිඩා සංවිධානයට මුදල් දීම, ද්‍රව්‍යමය ආධාර සැපයීම, අනුග්‍රාහකත්වය ලබාදීම, තාක්ෂණික උදව් ලබාදීම වැනි කාරණා සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් චෝදනා ලැබූවෙකි.

මෙම පුද්ගලයා විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන අතර නීති විරෝධී හවාලා ක්‍රමයට විදේශ විනිමය හුවමාරු කිරීමෙහි ද නිරත වන්නෙකි. ඒ අතර මැඩගස්කරය සහ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ මැණික් ව්‍යාපාරවල නිරත වීමද ඔහු සිදුකරයි. ඔහු දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව නොමැති බවත් ඩුබායිහි සිටින බවත් සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment