අල්කයිඩා නායකයා සැඟවී සිටියේ ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු ඇමැතිගේ නිවසේ බව හෙළි වෙයි

1006

අල්සාවාහිර් සැඟවී සිටි නිවස

යුක්තිය අපි ඉටුකළෙමු යැයි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. යුක්තිය ඉටුකළේ කාටද? ඒ අල්කයිඩා නව නායක අල් ස්වාහිර් ඝාතනය කිරීමෙන.ි මේ සතියේදී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දී නින්ජා මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර අල් ස්වාහිර් මරා දැමීමට ඇමරිකානු ජනපති බයිඩන් අවසර දුන්නේය. සී අයි ඒ සංවිධානයට අයත් ඩ්‍රෝන් යානා දෙකක් එම මිසයිල එල්ල කරනු ලැබීය.

අල් ස්වාහිර් මරා දැමූ බව ඇමරිකානු රජය ජිනීවා මානව කොමසාරිස්වරියට පැවසුවේ නැත. මාස 6ක් තිස්සේ අල් ස්වාහිර් ඝාතන සැලසුම ක්‍රියාත්මක විය. ස්වාහිර් සිටි නිවස තලිබාන් අභ්‍යන්තර කටයුතු ඇමැති සිරාජුද්දීන් හකිනිට අයත් වූවකි. ඔහුද ත්‍රස්ත නායකයෙකි. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ද 2000 දී ඇමරිකානු කෝල් යුද නැවට එල්ල වූ ප්‍රහාරය සහ කෙන්යාව සහ ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර ද අල් ස්වාහිර්ගේ මෙහෙයුම් වේ. කුමන ස්ථානයක සැඟවී සිටියත් අප ඔබ පසුපස එන්නෙමු යැයි බයිඩන් අල් ස්වාහිර් ඝාතනයෙන් පසු කියා සිටියේය. 2011 දී ඇමරිකාව ඔසාමා බින්ලාඩන් මරා සිරුර මුහුදට දමීය. එසේම 2022 දී අල් ස්වාහිර් ඝාතනය විය.

තාලිබාන් සංවිධානය මෙම ඝාතනය හෙළා දැක තිබේ. මෙම අල්කයිඩා නායකයා ගැන තොරතුරු ලබාදෙන අයකුට ඩොලර් මිලියන 25ක තෑග්ගක් දෙන බවද ඇමරිකානු රජය ප්‍රකාශ කර තිබිණි. 2020 දී අල් ස්වාහිර් මියගිය බවට ප්‍රචාරය වුවත් සීඅයිඒ සංවිධානය ඔහු ජීවත්ව සිටින බව සොයාගෙන තිබිණි. ඊජිප්තුවේ උපත ලැබූ අල් ස්වාහිර් ශල්‍ය වෛiවරයෙකි.

කාබුල් නුවර ධනවතුන් වෙසෙන ප්‍රදේශයේ නිවසක බැල්කනියේ සිටියදී අල් ස්වාහිර් ඝාතනය විය. ඔහුව ඝාතනය කිරීමට භාවිත කළ නින්ජා මිසයිලවල බිහිසුණු බ්ලේඩ් තල ද සවිකර තිබිණි. ජූලි 25 දා අල් ස්වාහිර් මරා දැමීමට බයිඩන් අනුමැතිය දී ඇත. බ්ලේඩ් තල හයකින් යුත් ඩ්‍රෝන් යානා කාබුල් අහස් කුසට පැමිණෙන බව තලිබාන් සංවිධානයට දැනගැනීමේ ක්‍රමයක් ද නොතිබිණි. මෙයට පෙර ඇමරිකාව අල්කයිඩා නායකයන් වූ අන්වර් අලි අව්ලාකි ඇතුළු අල්කයිඩා ප්‍රධානීන් රැසක් ඝාතනය කළේය. 2011 සැප්තැම්බර් 11දා ඇමරිකාවට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයෙන් පසු වසර 21ක් තිස්සේ සීඅයිඒ සංවිධානය අල් ස්වාහිර්ව ලුහුබඳිනු ලැබීය. මෙම ප්‍රහාරය එල්ලවීමත් සමගම තලිබාන් සංවිධානය නිවසේ සිටි අල් ස්වාහිර්ගේ පවුලේ අයව සහ ඥාතීන් ආරක්‍ෂිත ප්‍රදේශයකට ගෙන ගොස් ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment