අල්කයිඩා සමග සබඳකම් පෑ බේරුවල ව්‍යාපාරිකයාට ඇමරිකාවෙන් සම්බාධක

379

අල්කයිඩා සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ සහ බාහිර මෙහෙයුම් සැලසුම්කරුවකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයන් දෙදෙනකු සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයකුට සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරීස් නිසාර් නමැති ව්‍යාපාරිකයකුට මෙලෙස සම්බාධක පනවා තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර විදේශ වත්කම් පාලන කාර්යාලය මගින් මෙම සම්බාධක පැනවීම සිදුකර ඇත.

ව්‍යාපාරික මොහොමඩ් ඉර්ෂාඩ් අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අහමඩ් ලුක්මාන් තලිබ් සහ මුසාබ් ටුකර්මන් නමැති ව්‍යාපාරිකයන් සමග සබඳතා පවත්වා තිබෙන බව ඇමරිකා විදේශ වත්කම් පාලන කාර්යාලය අනාවරණය කරගෙන ඇත.

අහමඩ් ලුක්මාන් තලිබ් සහ මුසාබ් ටුකර්මන් නමැති ව්‍යාපාරිකයන් ඉකුත් 2018 වසරේ ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපාරයක නියෝජිතයන් ලෙස කටයුතු කර ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment