අල්ලස් ගත් ගම්පහ විදුහල්පතිවරියක් අත්අඩංගුවට

449


ලබන 2022 වසරේදී හත්වැනි ශ්‍රේණය සදහා දරුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්‍ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය මගින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිසුවා හත්වැනි ශ්‍රේණියේ ඉංගී‍්‍රසි මාධ්‍ය පන්තියකට ඇතුළත් කර ගැනීම සදහා විදුහල්පතිවරයා සිසුවාගේ දෙමාපියන්ගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත.
සැකකාර විදුහල්පතිවරයා සිය නිල කාමරයේදී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදීම විමර්ශන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ බව අල්ලස් හෝ දූෂණ පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment