අල්ලස් චෝදනා ලැබූ පානදුරේ සැකකාර  විදුහල්පති දින 14ක් රිමාන්ඞ්

125

පළමු ශ්‍රේණිය සඳහා දරුවකු ඇතුළත් කර දෙන බවට පොරොන්දු වී රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පානදුර ප‍්‍රධාන පාසලක විදුහල්පතිවරයකු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා පසුගිය 28 දා නියම කළේය.

ජාතික ශිෂ්‍ය භට බළකායට අයත් හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි ගීෂාන් ලියන්ගස්කුඹුර නමැති ලූතිනන් කර්නල්වරයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා දරුවකු පාසලට ඇතුළත් කිරීම වෙනුවෙන්, රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඉකුත් 28 දා බණ්ඩාරගම, වීදාගම ප‍්‍රදේශයේදී ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණි.

මෙය කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියාවක් බව විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අරුණ මල්ලවාආරච්චි මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

ලබන පෙබරවාරි 13 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment