අල්ලස් දුන් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

391


ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම වෙනුවෙන් ලංකාවේ නිලධාරීන්ට අල්ලස් ලබා දුන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු එරට ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
67 සහ 71 යන වයස්වල පසුවන මෙම පුද්ගලයින් දෙදෙනා විෂමාචාර චෝදනා එල්ලවූ ස්මෙක් ඉන්ටනැෂනල් නම් ඕස්ට්‍රේලියානු සමාගමක සේවය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන ”‍නුසුදුසු ගෙවීම්”‍ සම්බන්ධයෙන් මෙම සමාගමට එරෙහි සාක්ෂි සොයාගෙන ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මේ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment