අල්ලස් නඩු අස්කර ගැනීම සොයන්න සජබ මන්ත‍්‍රීවරු අල්ලස් කොමිසමට යති

169

විවිධ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විසින් පවරා තිබූ නඩු වත්මන් රජය යටතේ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊයේ (08දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් කරුණු විමසා බැලූහ.

ජේ. සී අලවතුවල, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මන්ත‍්‍රීවරුන් එසේ ගියහ. පසුගිය කාලයේ රටේ සිදුවූ වංචා, දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ නඩු මේ වනවිට ඉල්ලා අස්කර ගැනීම් පිළිබඳව ඔවුන් එහිදී කරුණු සොයා බලා ඇත.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ පිළිබඳව මන්ත‍්‍රීවරුන් තොරතුරු විමසා ඇත. සජබ මන්ත‍්‍රී කණ්ඩායමක් මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් පසුගිය ආණ්ඩුව සමයේ පැවරූ නඩු වත්මන් ආණ්ඩුව යටතේ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ කරුණු විමසූහ.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment