අලින් මෙල්ල කරන හඳුන්කූර වැඩ පෙන්නයි

1410

වන අලින්ගෙන් සිදුවන හානිය අවමකර ගැනීම සඳහා ස්වභාවික ද්‍රව්‍යවලින් සකසන ලද සුවඳවත් දේශීය හඳුන්කූරක් මේ වනවිට ඉතා සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. අදාළ සුවඳ හඳුන්කූර වනජීවී දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනයකර ඇති අතර එය අම්පාර දිස්ත‍්‍රික්කයෙහිදී අත්හදා බලා ඇත. මේ වනවිට එය ඉතා සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

මෙම හඳුන්කූර දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙමින් හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත මේ වනවිට ඉදිරිපත්කර ඇත.

ඒ අනුව එහි දැල්වෙන කාලය වැඩිකිරීම සහ ප‍්‍රමාණය පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ සිදුකරමින් එය වැඩි දියුණු කිරීම් කටයුතු සිදුකරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව ඉහත කාර්ය සාධක බළකායට පෙන්වාදී ඇති බව පරිසර අමාත්‍යාංශ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment