අලිමංකඩ 16ක පදිංචිකරුවන් හා ගොවි බිම් ඉවත් කරන්න සැලසුම්

159

අලි – මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඇති අලිමංකඩ (අලි මාරුවන ස්ථාන) 16ක පදිංචිකරුවන් හා ගොවි බිම් සියල්ල 2024 වන විට ඉවත් කිරීමට වනජීවී හා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙරාතුව අලිමංකඩ තුනක් ඉවත් කිරීමට නියමිතය. අලි – මිනිස් ගැටුමට දැනට හඳුන්වාදී තිබෙන විසඳුම් සියයට සියයක් සාර්ථක නොවන නිසා ඊට තිරසාර විසඳුමක් අවශ්‍ය බවට පෙරේදා (15 වැනිදා) පැවති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

එහිදී වනජීවී හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අලි – මිනිස් ගැටුමට ප්‍රධාන විසඳුම ලෙස අලිමංකඩ 16 අලින්ට නිදහස් කරදීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. දැනට මෙම බිම්වල පදිංචිව සිටි ජනතාව නැවත පදිංචි කිරීම, වගා ඉඩම් සඳහා වෙනත් ඉඩම් ලබාදීම ආදිය සිදුකර මෙම ප්‍රශ්නය නිරාකරණයට සියලු දෙනාගේම සහාය අවශ්‍ය බවද ඇමැතිවරයා එහිදී කියා ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment