අලියකු පහරදීමෙන් එක්දරු පියා මියයයි

133

දියසෙන්පුර, විජයපුර ප‍්‍රදේශයේ දී අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය, කොහොඹදමන ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක්දරු පියෙකු වන පුරණහේනේ ගෙදර ශාන්ත කුමාර යන අයයි. එම පුද්ගලයා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කන්තලේ ප‍්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක සේවය කරන අයකු බව පොලිසිය පැවැසීය.

මොහු නිවාඩු ලබා මැදිරිගිරිය, විජයපුර ප‍්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවෙසට පැමිණ සිටියදී අලූයම 2.00ට පමණ ගෙවත්තට කඩාවැදුණු වන අලියකු එළවා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණයවී ඇත. මැදිරිගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment