අලියකු මරා කන්දකාඩු යුද හමුදා ගොවිපළේ වළ දමලා

119

පොළොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපළ භූමියට අයත් ඉඩමක මරා වළ දමා තිබූ අලියකුගේ සිරුරක් ඊයේ හමුවී තිබේ.

මීට දින දෙකකට පෙර අලියා මරා දමා වළ දමා එම අපරාධය සැඟවීමට කොළ අතුවලින් වසා තිබූ බව සෝමාවතිය අඩවි සහකාර ඩී. ඒ. වනසිංහ පවසයි.

අලියාගේ සිරුර ගොඩගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment