අලියයි පොහොට්ටුවයි දීගයට සූදානම් – නිල නොවන සාකච්ඡා අවසන්

199

රටේ උන්නතිය වෙනුවෙන් පක්‍ෂ දෙකේම ප්‍රතිපත්තිවලට හානියක් ඇති නොවන පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ සඳහා මෙතෙක් නිල වශයෙන් සාකච්ඡා කර නැතත් නිල නොවන මට්ටමින් සාකච්ඡා කිහිපයක් පවත්වා අවසන් බවද ඒ මහතා සඳහන් කළේය. කොළඹ පොදුජන පෙරමුණ මූලස්ථානයේ ඊයේ (12 දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට දේශපාලන පක්‍ෂ අතරින් ඉතා පැරණි පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂයට ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් අඩිතාලමක් පවතින බව කී මන්ත්‍රීවරයා එවැනි පක්‍ෂයක් සමඟ සන්ධානගත වීම තම පක්‍ෂයට ශක්තියක් බවද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානගත වීම සඳහා මෙසේ නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වමින් තිබියදී එහි ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉකුත් දා එක්සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවකද යෙදී තිබිණි.
සමන් ගමගේ – එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment