අලියයි පොහොට්ටුවයි පුංචි ඡන්දයට එක්වෙයි

103

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට ඊයේ (10 දා) තීරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ (10 දා) පැවැති සාකච්ඡාවට එජාප මහ ලේකම්, පාලිත රංගෙ බණ්ඩාර, එජාප සභාපති වජිර අබේවර්ධන, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන් සහභාගි වී තිබේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන සෑම කොට්ඨාසයකම පක්‍ෂ දෙකේම අපේක්‍ෂකයන් සාකච්ඡාමය පදනමකින් පසු සුහදව නම්කර නාමයෝජනා ලබාදීමට කටයුතු කරන බව එජාප මහලේකම්, පාලිත රංගෙ බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment