අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ කාගිල්ස් බැංකුව හවුල්කාරීත්වයකට අත්සන් තබයි

70

ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය.

කාගිල්ස් බැංකුව යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම සමූහ ව්‍යාපාර අතරින් එකක් වන කාගිල්ස් සමූහයට අයත් බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ, කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත බැංකු ණය රක්ෂණාවරණ පිරිනැමීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙත අවස්ථාව ලැබේ.

පසුගියදා කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී දෙපාර්ශවය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතාද, කාගිල්ස් බැංකුව වෙනුවෙන් එහි සහකාර සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර) ලසන්ත මහේන්ද්‍රරාජා මහතාද මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment