අලියා සොයා මෙහෙයුම්

521


ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි ඇතුළු පිරිස ගමන් ගත් වහානයේ ගැටුණු වන අලියා සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.

එම අලියා සොයා මේ වනවිට මෙහෙයුම් කරන අනුරාධපුර වනජිවි කාර්යාල ප්‍රකාශකයකු සදහන් කලේ මෙි දක්වා කල මෙහෙයුම් වලදි එම අලියා සොයා ගැනිමට නොහැකි වු බවයි.

කෙසේ වෙතත් අනතුරට පත් අලියා සෙසු අලි රංචුවක් සමග එකතු වි ඇද්ද නොඑසේනම් කිසියමි ස්ථානයක හුදකලාව සිටි දැයි මෙතෙක් අනාවරණය කර ගැනිමට ⁣නොහැකි උනා. මෙි වන විටත් මොරගොඩ , තලාව.උළුක්කුලම ,ගලයාය, වැනි වන අලි නිරන්තරයෙන් රැදි සිටින පුදේශවල මෙම මෙහෙයුම් පැය විසහතර පුරාම සිදු කරමින් සිටින බවත් ඊයේ (05) දහවල් වන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනිමට නොහැකි වු බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

පසු ගිය 03 වන දා රාත්‍රි යේ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදි වන අලියකු හැපිමෙන් ප්‍රවිණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකුට හා ඔවුන් ගමන් කල වහානයට බරපතල හානි සිදු විය.
මෙම අනතුරින් වහනයේ හැපුණ වන අලියාටද බරපතල තුවාල සිදු වන්නට ඇතැයි සැකකරන වන ජිවි නිළධාරීන් එම වන අලියාට ප්‍රතිකාර කිරිම සදහා වන අලියා සෙවිමෙි මෙහෙයුම් කටයුතු පුලු‍ල් කර ඇත.
එම අනතුරින් පසු ⁣ඇද වැටුණ අලියා අපහසුවෙන් නැගිට වනය තුලට ගමන් කිරිමෙිදි නැවතත් බිම ඇද වැටි අපහසුවෙන් නැගිට වනය තුලට ගමන් කර ඇති බව අසල්වාසින් පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment