අලි ඇතුන් හදා වඩා ගැනීම බංග්ලාදේශයේ තහනම්

276

බංග්ලාදේශයේ ශීඝ්‍රයෙන් වඳ වී යෑමේ තර්ජනකට මුහුණ පා සිටින අලි ඇතුන් නිවෙස් හා ආයතනවල හදා වඩා ගැනීම හා ආර්ථික ප්‍රතිලාභ උපාය ගන්නා ක්‍රියාවල යෙදවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට බංග්ලාදේශ මහාධිකරණය විසින් පියවර ගෙන තිබේ. මෙම අධිකරණ තහනම් නියෝගයට අනුව බංග්ලාදේශයේ කුඩා අලි පැටවුන් වනාන්තරවලින් අල්ලා ගෙන හදා වඩා ගැනීම තහනම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සියලු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ මහාධිකරණය විසින් නිකුත් කර ඇති අදාළ නියෝගය සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන විසින් පැසසුමට ලක් කර තිබේ. මේ වන විට බංග්ලාදේශයේ සිටින මුළු අලි ඇතුන්ගේ සංඛ්‍යාව 200ක් දක්වා අඩු වී ඇති අතර ඉන් හරි අඩක් යම් යම් පුද්ගලයන්ගේ භාරයේ පසු වේ. කුඩා කාලයේම වනාන්තර වලින් අල්ලා ගන්නා අලි පැටවුන් ඇතැමුන් විසින් සිඟා කෑමේ කටයුතුවල යොදවන බව අනාවරණය වී ඇති අතර 2019 වසරේදී පොලිසිය විසින් එසේ මාර්ග දෙපස සිඟාකෑමේ කටයුතුවල යොදවා සිටි අලින් දෙදෙනකු මුදා ගෙන තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment